Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 20 වන බදාදා
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය අද (13) ප්‍රකාශ කළේය.
කලවාන නගරයේ සියලුම වෙළෙඳසැල් හා ආයතන නැවත දැනුම් දෙන තුරු වසාදැමීමට කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්ධන කමිටුව විසින් පසුගිය (10) වනදා පියවර ගෙන තිබුණි. ඇතැම් රාජ්‍ය බැංකු (11) වනදා සිට අත්‍යවශ්‍ය කටයුතු සදහා විවෘත වී තිබූ අතර අද (13) සිට රාජ්‍ය හා පුද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පසුගිය (10) වනදා වසා දැමුනු කලවාන නගරයේ වෙළෙඳසැල් යළි විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවත් අද (13) එම වෙළෙඳසැල් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව ප්‍රකාශ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.