(රවී ලියනගේ)
කන්නෙලිය වන රක්ෂිතයේ මග පෙන්වන්නන්ගේ ගාස්තු ඉහළ නංවන ලෙස ඉල්ලමින් අද(14) එම සංගමයේ සාමාජිකයෝ රක්ෂිතයට පිවිසෙන මාර්ගයේදී විරෝධතාවක් පැවැත්වූහ.
සිංහරාජය හැරුණු විට ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසන් විශාල වන සංරක්ෂිතය වන කන්නෙලිය රක්ෂිතය දකුණු ආසියාවේ අතිශයින් සාරවත් වූ ප්‍රදේශ අතුරින් එකකි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂක ජනරාල්වරයා අගෝස්තු 09 වන දින සිට මග පෙන්වන්නන්ගේ දීමනා වැඩි කරන ලෙස ලිපියකින් දන්වා ඇතත් කන්නෙලිය භාර දිසා වන නිලධාරීන් මාර්ගෝපදේශක ගාස්තු සංශෝදනය නොකරන බව විරෝධතාකරුවෝ පැවසූහ.
දීමනාව වැඩි කරන ලෙස දන්වා තිබියදීත් ගාල්ල දිසා වන නිලධාරියා ඒ පිළිබඳව පියවරක් නොගන්නා බව විරෝධතාකරුවෝ පවසා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd