(රවී ලියනගේ)
කන්නෙලිය වන රක්ෂිතයේ මග පෙන්වන්නන්ගේ ගාස්තු ඉහළ නංවන ලෙස ඉල්ලමින් අද(14) එම සංගමයේ සාමාජිකයෝ රක්ෂිතයට පිවිසෙන මාර්ගයේදී විරෝධතාවක් පැවැත්වූහ.
සිංහරාජය හැරුණු විට ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසන් විශාල වන සංරක්ෂිතය වන කන්නෙලිය රක්ෂිතය දකුණු ආසියාවේ අතිශයින් සාරවත් වූ ප්‍රදේශ අතුරින් එකකි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂක ජනරාල්වරයා අගෝස්තු 09 වන දින සිට මග පෙන්වන්නන්ගේ දීමනා වැඩි කරන ලෙස ලිපියකින් දන්වා ඇතත් කන්නෙලිය භාර දිසා වන නිලධාරීන් මාර්ගෝපදේශක ගාස්තු සංශෝදනය නොකරන බව විරෝධතාකරුවෝ පැවසූහ.
දීමනාව වැඩි කරන ලෙස දන්වා තිබියදීත් ගාල්ල දිසා වන නිලධාරියා ඒ පිළිබඳව පියවරක් නොගන්නා බව විරෝධතාකරුවෝ පවසා සිටියහ.


2025 දෙසැම්බර් මස 18
115
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්නෙලිය රක්ෂිතයේ මග පෙන්වන්නන්ගේ ගාස්තු ඉහළ දමන්නැයි උද්ඝෝෂණයක්