(ඩී.ජී.සුගතපාල)
මිටියාගොඩ පොලිස් වසමේ කලුපෙ විශාඛා විදුහල අසළදි අද(06) පුද්ගලයෙකුට කඩුවලින් සහ පිහිවලින් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි මිටියාගොඩ පොලිසිය පවසයි.
තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කල බවත් ඔහු කලුපෙ ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බවත් පොලිසිය පවසයි.
තුවාලකරු දෙල් එකතුකර විකුණන අයෙකු වන අතර පසුගිය දිනක දෙල් එකතු කිරීමට ගිය අවස්ථාවේ පුද්ගලයෙකු සමග ආරවුලක් ඇති කර ගෙන ඇති බවත් එයට පලිගැනීමක් ලෙස මෙම පහරදී ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
ඔහු පාසල අසල පාර අයිනේ සිටිනවිට ත්‍රිරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු කඩුවලින් සහ පිහිවලින් ඔහුට පහරදීමට පටන් ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු බේරීම සඳහා පාසල් වත්තට පැන ඇති බවත් එවිට එම සිව්දෙනාද පාසල් වත්තට පැන පහරදී පලාගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මිටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කඩු-පිහිවලින් පහර දී තරුණයෙක් රෝහලේ