IMG-LOGO

ඕමන්තේ කැළෑවකින් බෝම්බ පොහොර උරයක් හමුවෙයි

රොමේෂ් මධුෂංඛ

වව්නියාව ඕමන්ත ඉලමරදන්කුලම් ප්‍රදේශයේ කැලෑවකින් හමුවූ  බෝම්බ සහිත පොහොර උරයක් අද (30) අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහය ඇතිව පරික්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

ඉලමරදන්කුලම් කැලෑවට ගිය අයෙකු විසින් මෙම බෝම්බ උරය  දැක ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාළ ස්ථානයට ඕමන්ත පොලිස් නිලධාරීන් ගොස් පරික්ෂා කර ඇත.

එහිදී ආර්.පී.ජී.උණ්ඩයක් ද සමඟ බිම්බෝම්බ 10 කට ආසන්න ප්‍රමාණයක් අදාළ පොහොර බෑගයේ ඇති බවට සැකකරන අතර එම බෝම්බ උරය අනාරක්ෂිත හෙයින් එම ස්ථානයෙන් ඉවත් නොකර ඒ බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙතට දැනුම් දීමට ඕම්න්ත පොලීසිය විසින් පියවර ගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ බෝම්බ උරය මෙම ස්ථානයේ සඟවා යන්නට ඇති බවටත් කාලයක් ගතවීමෙන් උරය දිරාපත්වීම හේතුවෙන් උරය තුළ තිබූ බෝම්බ ඉවතට වැටී ඇති බවටත් සැකකරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.



අදහස් (0)

ඕමන්තේ කැළෑවකින් බෝම්බ පොහොර උරයක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 770 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1191 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site