IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔරලෝසු කණුව ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවක්



(මහනුවර විශේෂ චමිල් රූපසිංහ)

පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව කඩා ඉවත් කිරීමට එරෙහිව යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් අද (21) කලුකොඩි දමා ඊට විරෝධය දැක්වූහ.

එහිදි අදහස් දැක්වූ යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා පවසා සිටියේ දිවංගත ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් 1992 දි ඇගලුම් කම්හලක් විවෘත කිරිමේ සිහිවටනයක් ලෙස මෙම ඔරලෝසු කණුව ස්ථාපිත කළ බවයි.

 පිළිමතලාව නගරයේ මාර්ග තදබදය අවම කිරීමට විකල්ප මාර්ගයක් සාදනවා වෙනුවට මාර්ගයේ පසෙකින් ඇති ඔරලෝසු කණුව ඉවත් කිරිමෙන් මාර්ග තදබදය අවම වනවා යන්න පවසා මෙය ඉවත් කළ යුතුබව වත්මන් රජය විසින් දැනුම් දුන්නත් එසේ ඉවත් කිරිම සුදුසු නොවන බව චම්පික නිලන්ත මහතා පැවැසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පවසා සිටියේ නගර සභාවේ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය මෙම ඔරලෝසු කණුව ඉවත් කිරීම සඳහා ලැබුණු බවත්, මේ සම්බන්ධව සංවර්ධන කමිටුවේ අනුමැතිය පවා ලැබුණු බවත්ය.  

පිළිමතලාව නගර සංවර්ධනය සඳහා ඉදිරියේදී මෙම ස්ථානයට මාර්ග විදුලි සංඥා දමා, පදික වේදිකාවක්ද සකසා පිළිමතලාව නගරයේ මාර්ග තදබදය අවම කිරීමට මෙම ඔරලෝසු කණුව ඉවත් කරන බවද අමිල වේරගොඩ මහතා සඳහන් කළේය.



අදහස් (0)

ඔරලෝසු කණුව ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 148 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site