( සමන් පාලිත නානායක්කාර)
ඌවපරණගම ලද්දුම වැලිහෙළ රජයේ වනවගා රක්ෂිතයේ අද (27) ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
රජයේ ටර්පන්ටයින් වනවගා රක්ෂිතයේ ඇතිවි තිබෙන මෙම ගින්න නිවා දැමීමට නොහැකි වුවහොත් අක්කර 65ක පමණ වනාන්තරයක් විනාශ වී යා හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
ඊයේ රාත්‍රියේ සිට පැවති ගින්න මේ වන විටත් විශාල වශයෙන් පැතිර යන බවත් එම ප්‍රදේශය විශාල දුමාරයකින් වැසී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති .
වැලිමඩ අඩවි වන නිලධාරී කාර්යාලය පැවසුවේ ගින්න නිවීම සඳහා දියතලාව යුද හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කරන බවයි .
කොරෝනා වසංගතය මැඩලීමට උත්සාහ ගන්නා මොහොතේ ඇඳිරි නීතිය පනවා තිබියදී මෙසේ වන ගිනි තැබීම සිදු කිරීම කනගාටුවට කරුණක් බව වන නිලධාරීහු පවසති
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඌව පරණගම රජයේ වන වගාවක ගින්නක්