(පාලිත ආරියවංශ)
ඌව පළාතේ රා මැදීමට ඇති නීතිමය බාධා ඉවත්කරන බවත්, මේ දිනවල ඒ පිළිබඳව පොලිසිය සමඟ සාකච්ඡා කරන බවත්, ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද (19) පැවසීය.
බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවති පළාත් සංවර්ධනය සමූපකාරයේ දායකත්වය මැයින් වූ සම්මන්ත්‍රණයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
මහනුවර පළාතේ ආණ්ඩුකාරවරයා රා තහනම ඉවත් කළ ආකාරයට ඌවේද එම තහනම ඉවත්කරන බවද හෙතෙම අවධාරණය කළේය.
ඌවේ කිතුල් කර්මාන්තය නංවාලීමට පමණක් නොව කෘෂිකර්මය ඇතුළු ව්‍යාවසායක කටයුතු සඳහා සමූපකාර සමිති සතු මුදල් උපයෝගී කරගත හැකි බවත් එතුළින් ගම නගා සිටුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගම්වල ජනතාව පෞද්ගලික අංශ වෙතින් විශාල වශයෙන් ක්ෂුද්‍ර ණය ලබාගෙන එම ණය ගෙවා ගත නොහැකිව බරපතල ප්‍රශ්නවලට ගොදුරුවී ඇති අවධාරණය කළ ආණ්ඩුකාරවරයා සමුපකාර මගින් සුළු පොලියක් යටතේ මෙම ජනතාවට කෘෂිකර්ම හා ස්වයං රැකියා කටයුතු සඳහා ණය ලබාදීමට කටයුතු කළහොත් මේ අසාධාරණයෙන් බේරාගත හැකි බවද කීවේය.
පරිසරය ආක්ෂා නොකළහොත් ඌව පළාත නුදුරුදිනයේ කාන්තාරයක් වීම වැළැක්වීමට නොහැකි බව පෙන්වාදුන් ආණ්ඩුකාරවරයා පරිසරය සුරකිමින් රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සමූපකාර ක්‍රමයට කළ යුතු බව පැවසීය.
ඌව පළාතේ සමුපකාර සමිතිවල නිලධාරීහු සහ සමුපකාර ග්‍රාමීය බැංකු නිලධාරීහු මීට සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවේ රා තහනම ඉවත් කරන බව ආණ්ඩුකාරවරයා කියයි