IMG-LOGO

උතුරු නැගෙනහිර ජලාශ කිහිපයකට ඉස්සන් මුදාහරී

(දසුන් රාජපක්ෂ)

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි ජලාශ වලට ඉස්සන් පැටවුන් දසලක්ෂ හැටදහසක් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මුදා හරිනු ලැබ ඇත.

මෙම ඉස්සන් පැටවුන් තොගය   තොන්ඩමනාරු,මණ්ඩාන්,ආවරණ්කාල් සහ උප්පාරු යන මිරිදිය ජලාශ සඳහා මුදා හැර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (5) පැවසීය.

මුදාහල මෙම ඉස්සන්ගේ අස්වැන්න මාස 6 කින් නෙලා ගැනීමට නියමිත අතර ඉන් රුපියල් කෝටි 6 ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉදිරියේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට  නැංවීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (0)

උතුරු නැගෙනහිර ජලාශ කිහිපයකට ඉස්සන් මුදාහරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 269 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site