IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උණවටුණේ ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය 9 කට නඩු

ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙ උණවටුන යද්දෙහි මුල්ලේ අද (23) සිදු කළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක දී මදුරු කීටයන් සහිත ස්ථාන පවත්වාගෙන ගිය නිවාස සහ සංචාරක හෝටල් පරිශ්‍රය නමයකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.

මෙහිදී නිවාස ආගමික ස්ථාන සහ සංචාරක හෝටල් සහ විලාස් යනාදිය පරිශ්‍ර 131 ක් පරීක්ෂාවට ලක් කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී ඒ සිසිර කුමාර මහතා පැවසීය.

මෙයින් පරිශ්‍ර 12 ක්ට රතු නිවේදන 12ක් ද නිකුත් කර තිබේ. මෙම පරිශ්‍ර හිමිකරුවන් එම කාලය තුළ දී තම පරිශ්‍ර පවිත්‍ර කර සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් කළ යුතුය.

මෙම ඩෙංගු මර්දන පරීක්ෂාව සඳහා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිලධාරීන් සහ ග්‍රාම නිලධාරින් ඇතුළු තිස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී තිබේ.

මෙම මාසය තුළ දී හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වී තිබේ.



අදහස් (0)

උණවටුණේ ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය 9 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site