IMG-LOGO

උච්චිමුණේ දූපතට විධිමත් පෙර පාසලක්

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය උච්චිමුණේ දූපතේ දරුවන් සඳහා දූපත් ඉතිහාසයේ ප්‍රථම වරට විධිමත් පෙර පාසලක්  වයඹ පළාත් පූර්ව ළමා විය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඒ.බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරිණි.

දූපතේ තිබූ ගොඩනැගිල්ලක් නව පෙර පාසල් ගොඩනැගිල්ල බවට පත්කර ඊට අවශ්‍ය සියලු භෞතික සම්පත් සපයා තිබුණේ වර්ල්ඩ් විශන් කල්පිටිය කලාපීය අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේය.

එමෙන්ම දූපතේ වෙසෙන අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ තරුණියන් දෙදෙනෙකුට විධිමත් සය මාසික පෙර පාසල් අධ්‍යාපන පුහුණුවක් ද ලබා දී තිබුණේ එම ආයතනයෙන්ය.

කල්පිටිය නගරයේ සිට කිලෝ මීටර 18 ක් පමණ දුරින් උච්චිමුණේ දූපත පිහිටා ඇති අතර පවුල් 276 කට අයත් 1000 කට ආසන්න ජනතාවක් මෙහි වෙසෙති.

මීට වසර දහයකට පමණ පෙර අවිධිමත් අයුරින් පෙර පාසලක් පැවතිය ද කාලයාගේ ඇවෑමෙන් එම පෙර පාසල ද වැසී තිබේ.

දූපතේ දරුවන් 22 ක් පෙර පාසලේ ලියාපදිංචි වූහ.

 



අදහස් (1)

උච්චිමුණේ දූපතට විධිමත් පෙර පාසලක්

හිරාන් Tuesday, 14 January 2020 05:24 AM

ඉතාමත් හොද දෙයක් මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැනත් බළධාරින් ඇස් යොමු වේවා.!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 783 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site