
(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල ප්‍රාදේශීය සභාවේ 2021 වසර සදහා වු අයවැය අද(17)දා ඒකමතිකව සභා සම්මත විය.
සභාපති(එ.ජ.නි.ස) ඩී.ඩබ්.එම් චේතියරත්න මහතා විසින් අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර මන්ත්‍රී (ශ්‍රි ලං.පො.පෙ) ශනි චන්ද්‍රපාල මහතා ස්ථිර කළේය.
සභාපති ඩි.ඩබ්.එම් චේතියරත්න මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර උප සභාපති අබ්දුල් නිසාර් මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබයි.
මේ අනුව 2021 වසරට ඉදිරිපත් කළ අයවැය ආදායම රුපියල් 93, 688,044 හා 2021 වසරේ වියදම රුපියල් 93, 687,384 සහ අතිරික්තය රුපියල් 660.00 වශයෙන් සම්මත විය .
ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ,එක්සත් ජනතා නිදහස් සන්ධානය,එක්සත් ජාතික පක්ෂය,ස්වාධින මන්ත්‍රිවරුන් ඇතුලු මන්ත්‍රිවරු 22 දෙනෙක් ඡන්දය ප්‍රකාශකළහ. ඡන්දය විමසන අවස්ථාවේදි ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු සභාවේ නොසිටි අතර සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අයවැයට පක්ෂව අදහස් ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උකුවෙල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි