(මනම්පිටිය නිමල් ජයරත්න)
පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්. ඩී ප්‍රධාන ඇලට අද (14) වීරාන ප්‍රදේශයෙන් වැටුන වන අලියෙකු ජලයේ සැඩපහරට කිලෝමිටර් 3ක් පමණ දුරට ගසාගෙන ගොස් අලියාගේ උත්සාහයෙන් ගොඩ ආ බව වෙහෙරගල වනජිවි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කලේය.
වෙහෙරගල වනජිවි නිලධාරින් වන අලියා වැටුණු ස්ථානයට වහා ලඟා වී වන අලියා ගොඩ ගැනීමට උත්සාහ දැරුවද පැය 2ක පමණ කාලයක් වන අලියා වීරාන ප්‍රදේශයේ යකඩ සොරොව්ව අසල සැඩපහරට හසුව සිටි බව එම කාර්යාලයේ සහකාර අඩවි ආරක්ෂක ආර්. ආර්. ශාන්ත මහතා සඳහන් කලේය.
පසුව එම ස්ථානයෙන් ඉසෙඩ්.ඩී ඇලට දමා ඇති යකඩ කම්බි පඩිපෙළක් ඔස්සේ වන අලියා ස්වඋත්සාහයෙන් ගොඩට පැමිණි පසු දඹගහඋල්පත රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළ බව ශාන්ත මහතා පැවසීය.
මෑත කාලයේ වන අලි විශාල ප්‍රමාණයක් ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇලට වැටිමෙන් පසු වනජිවි නිලධාරින් විසින් ටයර්, දම්වැල්, ලී කොට ඇලට දමා ඉනිමන් ඔස්සේ ගොඩ ගත්තද මෙලෙස තනියම ගොඩට පැමිණි දෙවන අලියා මේ බව හෙතෙම පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉසෙඩ්. ඩී ප්‍රධාන ඇලට වැටුණු අලියා ගොඩට එයි