IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇහැළකන්දේ 35 කට ඡන්දය අහිමි වෙලාලු

(අජිත් ලංකාතිලක)
 
මාතර දිස්ත්‍රික්කයේ  මාවරල, ඇහැළකන්ද ගම්මානයේ  35 දෙනකුට අධික  පිරිසකට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය අයිතිය අහිමි වී ගොස් ඇතැයි  කියති.
 
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ද තමන්ට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලැබී තිබුණද  මෙවර එය අහිමි වීම විමතියට කරුණක්  බව ඡන්ද අයිතිය අහිමි වූ ගැමියෝ කියති.
 
 අදාල ඡන්ද  අදුම්පත් ග්‍රාම නිලධාරී කාර්යාලයට ලබා දුන් බවද ඔවුහු කියති. මේ පිළිබඳව ප්‍රාදේශිය ලේකම්වරයාට පැමිණිලි කළ බවත් ඔහු ඒ පිළිබදව සොයා බලන බව පැවසූවද මෙතෙක් නිසි පිළිතුරක් නොලැබුණු බවද ගැමියෝ සඳහන් කළහ.
 
උද්ගතව ඇති ගැටළුව සම්බන්ධයෙන් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් ටී.එච්.දර්ශණ වර්ණප්‍රිය මහතාගෙන් අප කළ විමසීමකදී මේ සම්බන්ධයෙන් තමා දැනුවත්ව නොසිටි බවත් , මෙම ගැටළුව පිළිබදව සොයා බලන බවත් පැවසීය.
 
මැතිරණ  කොමිසමෙන් කළ  විමකදී   එහි   ඉහළ නිලධාරියෙක් සඳහන් කලේ    අදාල ඡන්ද අයදුම්පත්  පුරවා බාරදීමේදී  තැපැල් කිරීම්, වෙනත් අයකු ලවා  ඒවා අදාල නිලධාරීන්ට ලබා දීම් වැනි කාරණා වලින්  එම අදුම්පත් අස්ථාන ගතවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවයි.
 
 එමෙන්ම ඡන්ද හිමි නාම ලේඛනයේ තමන්ගේ නම තිබේදැයි පරීක්ෂා කරන  ලෙස දිගින් දිගටම මැතිවරණ කොමිසම මගින්  ජනතාව දැනුවත් කර තිබියදීත් මෙවැනි සිදුවීම් වී ඇති බව සඳහන් කළ එම නිලධාරීයා වැඩි දුරටත් පැවසූයේ  මේ අවසන් මොහොතේ කිසිවක් කළ නොහැකි බවයි.



අදහස් (1)

ඇහැළකන්දේ 35 කට ඡන්දය අහිමි වෙලාලු

chinthaka Wednesday, 13 November 2019 11:09 AM

මගෙත් නම මේ ගමන ඡන්ද ලේඛනයේ නැහැ. අවුරුදු 30 ක් එක දිගට දැම්ම ඡන්දෙ මොන හේතුවක් නිසා අවලංගු කරාද මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site