(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර )
ඇල්ල කුඹල්වෙල හල්පෙ කදු වැටියේ අද (26) ඇති වූ හදිසි ගින්නක් මේ වන විට කදු වැටිය පුරා පැතිර යමින් පවතී.
මේ වන විටත් කදුවැටියේ අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
ගින්න නිවා දැමීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ද දැනුවත් කර ඇති අතර කදු වැටියේ ඉහළ ප්‍රදේශයේ ගින්න පැතිරයාම නිසා රාත්‍රී කාලයේදී එම ස්ථානයට ළඟාවීමට අසීරුවී තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා කදුවැටියට ගිනි තබන්නට ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd