IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආපනශාලාවල පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කරති

(රංජිත් රාජපක්ෂ)             
        

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද(17) හැටන් දික්ඔය නගර සභා සීමාවේ කළ හදිසි වැටලීමක දී, අපිරිසිදු ආකාරයට ආපනශාලා සහ බේකරි පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන්ට ඒවායෙහි අඩුපාඩුකම් සපුරාලීමට දින 14 ක කාලයක් ලබා දී දුන්හ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයට, තිබු ආහාර ද්‍රව්‍යය රැසක් විනාශ කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
 
ආහාර සුරක්ෂිතතාවය, ලියාපදිංචි නියෝග, ආහාර පරිශ්‍ර නියෝග, නිරෝධාන සහ රෝග වැළැක්වීමේ අඥා පනත යටතේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 25 කට ආසන්න පිරිසක් සහභාගී කරගනිමින් මෙම හදිසි පරීක්ෂාව කරන ලදී.
 
වෙළඳසැල් සුදුසු පරිදි යළි සැකසීමට දින 14ක කාලයක් ලබා දී, එම කාලය තුළ අඩුපාඩුකම් සපුරා නොගන්නා වෙළඳසැල් හිමියන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමටත්, වෙළඳ බලපත්‍රය අහෝසි කිරීමටත් කටයුතු කරන බව වැටලීම මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු අවධාරණය කළහ.
 
හෙට දිනයේදී මෙම හදිසි පරික්ෂාව සිල්ලර සහ තොග වෙළඳසැල් ඉල්ලක්ක කර ගනිමින් සිදු කරන බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් පේමසිරි මහතා කියා සිටියේය.



අදහස් (0)

ආපනශාලාවල පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site