
(දයාරත්න ඇඹෝගම සහ උපුල් තම්මිට)
අනුරාධපුර නගරයේ තුන්වන පියවරට අද (6) උදැසන සද්ධන්ත වන අලියන් දෙදෙනෙකු පැමිණිම හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි නොසුන්සුන් තත්වයට පත්විය.
නාච්චාදුව වන රක්ෂිතයේ සිට විජයපුරටත් පසුව අනුරාධපුර නගරයේ තුන්වන පියවරේ ප්‍රතිභා ක්‍රිඩාංගණයටත් කඩා වැදුණු මෙම සද්ධන්ත වන අලි දෙදෙනා තුන්වන පියවරේ නිවාසයක ගෙවත්තට ඇතුළු වීමෙන් මෙම කලබලය ඇතිවිය.
මෙහිදි ප්‍රදේශවාසින්ගේ කැකෝ ගැසිම හඬ හේතුවෙන් කලබලයට පත් වන අලින් නිවාස කිහිපයක තාප්ප ද කඩා දමා තිබේ.
අනුරාධපුර වනජිවි නිලධාරින් සහ පොලිස් නිලධාරින් පැමිණ අලි වෙඩි දමා පලවා හැරිමෙන් පසුව ඔවුන් තුන්වන පියවරේ සිට විජයපුර විහාරස්ථානය ආසන්නයේ ගෙවත්තකට ඇතුළු වී ඇත.
දිවා කාලයේ මෙම වන අලින් දෙදෙනා ආපසු රක්ෂිතයට පලවා හැරිමට අපහසුව ඇතැයි වනජිවි නිලධාරින් පැවසිය. එම නිසා මෙම වන අලින් රාත්‍රි කාලයේ එම ස්ථානයෙන් පලවා හැරිමට තිරණය කර ඇති බවද වනජිවි නිලධාරිහු පැවසුහ.
ඒ අනුව වන අලින් දෙදෙනා රැදි සිටින එම ප්‍රදේශයට වනජිවි නිලධාරින් සහ පොලිසිය එක්ව ආරක්ෂාව තර කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ’පුරේ ගෙවල් වලට වල් අලි කඩා වදිති
indika Baddegamage Thursday, 06 August 2020 03:18 PM
මම හිතන්නේ කැලේ ඉන්න බැරුව ඇති විලි ලැජ්ජාවේ..