(ක.ග.කරුණාරත්න)

ඇළහැර අඹන් ගඟ රක්‍ෂිතයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී අඹන් ගඟේ ඉවුරු විනාශ කරමින් මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 දෙනෙකු අද (13) සවස අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බකමූණ, කෝටිටපිටිය, සිරිකඳුයාය කොටසේදී බව පොලිසිය කීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් බකමූණ,කෝටිටපිටිය,සිරිකඳුයාය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.

පතල් කැණීම සඳහා උපයෝගී කරගත් උදලු, ඉල්ලම් කුරු සහ තවත්  උපකරණ තොගයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.