(සනත් ගමගේ)
අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් අද(14) සම්මතවිය.
අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම (14) පැවැත්විණි. මෙහිදී 2020 අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය.
අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයෝ ඡන්ද 22 ක් ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ සභිකයෝ විපක්ෂව ඡන්ද 5 ක් ලබාදුන්හ.
අම්බලන්තොට ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය යටතේ පවතින සභාවකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 17 කුද, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභිකයින් 6 දෙනෙකුද, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 5 දෙනෙකුද, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් සභිකයින් 3දෙනෙකුද වශයෙන් සභිකයෝ 31 දෙනෙක් සිටිති.
අයවැය ඡන්දය විමසන අවස්ථාවේ දි සභාවේ සභිකයෝ 9 දෙනෙක් සභාවේ නොසිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අම්බලන්තොට ප්‍රා. සභාවේ අයවැය සම්මතයි