(නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ අවදානම් සහිත දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය වහාම ඉවත් කර එහි ඉගෙනුම ලබන තම දරුවන්ගේ ජීවිත අවදානම වළක්වා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් අද (11) උදෑසන මව්පියවරු පිරිසක් එම විදුහල ඉදිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.
පසුව සිය ඉල්ලීම් පාඨ සඳහන් කළ පුවරු අතැතිව දෙමාපියෝ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මාර්ගය ඔස්සේ අම්පාර කලාප කාර්යාලය වෙත පෙළපාළියකින් ගියහ.
එහිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවීමට ගිය දෙමාපියන්ට සහකාර අධ්‍යක්ෂ එස්.ආර්.හසන්ති මහත්මිය පැවසුවේ මෙම ජාතික පාසල නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයිති නොවන බවයි.
ඒ අනුව මෙදින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කොළඹ විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරයකට ගොස් සිටි බැවින් ඔහු සිටියානම් සුදුසු පිළිතුරක් ලබාගත හැකිවනු ඇති බවද ඇය සඳහන් කළ අතර දෙමාපියෝ අම්පාර දිසාලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ උද්ඝෝෂණයක නිරතවූහ.



2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාර පාසලක මව්පියෝ උද්ඝෝෂණයක්