(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර නගරයේ මුවගම පාලමට ඉහළින් කළු ගඟේ ඉවුරට ගොඩනැගිලි වලින් කඩා ඉවත්කළ කොන්ක‍්‍රීට්, හුණු මිශ‍්‍ර බදාම ද්‍රව්‍ය, ලී, කඩදාසි, ප්ලාස්ටික්, ඉටිකොළ වැනි නොදිරන අපද්‍රව්‍ය ටිපර් පිටින් ගෙනත් දැමීම හේතුවෙන් කළු ගඟේ ජලය දැඩි ලෙස අපවිත‍්‍ර වන බව ප‍්‍රදේශවාසීහූ පෙන්වා දෙති.
සති අන්තයේ සහ නිවාඩු දිවනවල මෙම අපද්‍රව්‍ය බැහැර කිරීම වැඩිපුර සිදුකරන බව පෙන්වා දෙන අවට වැසියන් ඇතැම් දිනවල රාත‍්‍රී කාලයේත් අපද්‍රව්‍ය බැහැර කරන බවද කියති.
එසේ අපද්‍රව්‍ය බැහැර කළ සමහර තැන්වල ලී වැටවල් ද ගසා ඇති ආකාරයක් ඈතට පෙනේ. රත්නපුර මහ රෝහලට පානීය ජලය ලබාගන්නා ස්ථානය ද පිහිටා ඇත්තේ මෙම අපද්‍රව්‍ය ගඟට බැහැර කරන ස්ථානයට පහළිනි.
කළු ගඟට අබලි ගොඩනැගිලි ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරිම නැවැත්වීමට වහාම පියවර ගන්නැයි මහජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අබලි ගොඩනැගිලි ද්‍රව්‍ය කළු ගං ඉවුරට මුදාහැරලා
ajith Wednesday, 26 February 2020 05:53 AM
මේවා හොයන්න බලන්න කවුරුත් නැද්ද ? බත් පිගානට කුණු වැටනකම් මේ අයට ඇහැ ඇරෙන්නේ නෑ.