(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
විවිධ ආකාරයෙන් ආහාර පනතේ රෙගුලාසි උල්ලංඝනය කළ ඉමදුව නගරයේ සුපිරි වෙළඳසැල් දෙකක් ඇතුළු වෙළඳසැල් 8 ක් සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අද(27) මහජන පරීක්ෂකවරු කටයුතු කළහ.
ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සහාය ඇතිව කළ පරීක්ෂාවකදී මෙම වෙළඳසැල් හඳුනාගෙන තිබේ.
කල් ඉකුත්වූ ආහාර විකිණීම සඳහා ප්‍රදර්ශය කිරීම, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තබාගැනීම, එකම ශීතකරණයේ මස්මාංශ සමග අයිස් ක්‍රීම් වැනි ආහාර ගබඩා කිරීම, ලේබල් රෙගුලාසි උල්ලංඝණය කිරීම වැනි වැරදි සම්බන්ධයෙන් මෙම වෙළඳසැල්වලට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මීට අමතරව පරිශ්‍ර නිසි ලෙස පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව තබා නොගැනීම යන වැරදි සම්බන්ධයෙන්ද මෙම නඩු පැවරීම කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපිරිසිදුව පවත්වාගෙන ගිය වෙළඳසැල් 8කට නඩු