IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


අනිල් ප්‍රියදර්ශන අක්මීමන ශ්‍රීලනිප වැඩබලන සංවිධායක ධුරයට

(ජේ.කේ.එල් චාමින්ද)
 
අක්මීමන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සංවිධායකවරයා වශයෙන් අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් ප්‍රියදර්ශන මහතා පත්කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.
 
ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා  මෙම පත්වීම කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. ‘අපි ශ්‍රී ලංකා’ සමුළුවට  සහභාගී වූ  ආසන සංවිධායකවරුන් වෙනුවට එම ආසනවලට වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමට  ඉකුත් 5 වැනි දින රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගත් බවද නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
 
විනය පරීක්ෂණ පවත්වා  සමුළුවට සහභාගී වූ ආසන සංවිධායකවරුන් එම ධුරවලින් ඉවත් කිරීමෙන් පසු  ඉදිරියේදී අනිල් ප්‍රියදර්ශන මහතාට  අක්මීමන ආසනයේ වැඩබලන  සංවිධායක ධූරය වෙනුවට ස්ථිර සංවිධායක ධුරය ලබාදෙන බවද  ෂාන් විජේලාල්  ද සිල්වා මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.
 
 අක්මීමන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  වශයෙන් කටයුතු කරනු ලබන දකුණු පළාත් හිටපු කෘෂිකර්ම ඇමති  නීතීඥ යු.ජී.ඩී. ආරියතිලක මහතා වෙනුවට එම ආසනයේ වැඩ බැලීම සඳහා අනිල් ප්‍රියදර්ශන මහතා පත්කර ඇත.  ආරියතිලක මහතා ‘අපි ශ්‍රී ලංකා’ සමුළුවට ද සහභාගී විය. ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම පත්වීම සිදුකර තිබේ.



අදහස් (0)

අනිල් ප්‍රියදර්ශන අක්මීමන ශ්‍රීලනිප වැඩබලන සංවිධායක ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 59 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site