(ශාන්ත චන්ද්‍රසිරි)

නිරන්තරයෙන් මාරාන්තික අනතුරු සිදුවන වලපනේ, මහ ඌව වංගුව සහිත ස්ථානයට සුදුසු ආරක්ෂිත ක්‍රමවේදයක් සකස්කර දෙන මෙන් ඉල්ලා ගම්වැසියෝ අද (25) උද්ඝෝෂණයක් කළහ.
 

රාගල වලපනේ මාර්ගයේ මහ ඌව වංගුව අසළදී එම මාර්ගය හරස් කරමින් වලපනේ හරස්බැද්ද හා මහඌව වත්තේ විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ. 
 
අධික වංගුවකින් සමන්විත මෙම ස්ථානයෙන් වාහන ප්‍රපාතයට පෙරළී ගොස් වරින්වර ජීවිත හානි රැසක් සිදු වී ඇති බවත් අවසන් වරට ඊයේ (24) බස් රථයක් එම ස්ථානයෙන් පෙරළී ගොස්  තිදෙනෙකු මිය ගිය බවත්  උද්ඝෝෂණයේ නිරත පිරිස් සඳහන් කළහ.