IMG-LOGO

අනතුරකින් සිසුවියක් මරුට

(අශෝක තිලකරත්න)
 
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යාවක් උපකාරක පංතියකට ගොස් ආපසු නිවසට එන අතරතුරේ වීරවිලදී බස් රථයෙන් බැස පාර මාරුවෙමින් සිටියදී වාහනයක හැපීමෙන් සිදු වූ අනතුරෙන් මරණයට පත්වී ඇතැයි වීරවිල  පොලිසිය  පවසයි.
 
එසේ මියගොස් ඇත්තේ වීරවිල  තිස්සපුර කුඩා ගම්මාන 11හි  පදිංචි දෙබරවැව ජාතික පාසලේ ඉගෙනුම ලබන භාග්‍යා දිව්‍යාංගනී (18) නැමති  ශිෂ්‍යාවකි.
 
අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇය  හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇතැයි  පොලිසිය කියයි.
 
මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (20) පෙරවරුවේ තිස්සමහාරාම  හදිසි මරණ පරික්ෂක  කේ.ජී.සී.නිරංජන්   මහතා විසින්  පැවැත්වීමට නියමිතය.     

වීරවිල පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අනතුරකින් සිසුවියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 783 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site