ප්‍රසාද් රුක්මාල්
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සරසවි සිසුහු අද (11) බදුල්ල නගරයේ දී සත්‍යග්‍රහයක නිරතව සිටිති.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සරසවි සිසුන් සිව් දෙනකුගේ අහෝසි කර ඇති ශිෂ්‍යභාවය නැවත ලබාදෙන දෙසත්, දින නියමයක් නොමැතිව සිසුන් 24 දෙනකුගේ තහනම් කර ඇති සිසුන්ගේ ඉගෙනීමේ අයිතිය යළි ඉල්ලා සහ සිසුන්ගේ විභාග කප්පාදුව වහා නතර කරන්නැයි ඉල්ලමින් මොවුන් මෙසේ සත්‍යග්‍රයේ යෙදී සිටියහ.
බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මාර්ගය අසළ බිම වාඩි වී අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සරසවි සිසුහු මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වෙති.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මෙය සංවිධානය කර තිබිණී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd