(එස්. ඩි.කොඩිකාර සහ එන් .කේ ඉන්ද්‍රවංශ)
කනංකේ ගල්ලල ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට කැබලි 157 ක් , වල්ලාපට්ටා කුඩු කිලෝ 58 ක් සහ ඒ සඳහා යොදාගත් උපකරණ තොගයක් ඇතුළු සැකකරුවෙකු අද (14) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස අඩවි වන කාර්යාලය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු බව අඩවිවන කාර්යාලය සඳහන් කරයි.
අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී තෙල් සිඳීමට යොදා ගන්නා මෙරට නිෂ්පාදිත සුදු යකඩ බොයිලේරු දෙකක් ,ගෑස් සිලින්ඩර දෙකක්, ගෑස් ලිප් දෙකක් ඇතුළු පෙරුම් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
කාලාන්තරයක් තිස්සේ සැකකරු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර වන රක්ෂිතයක් ආසන්නයේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට වැටලීම සිදු කළ අඩවි වන නිලධාරී කාර්යාලය උසස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ඇප බැඳුම් කරයක් මත නිදහස් කර ඇති අතර ඉදිරි දිනකදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස අඩවි වන කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වල්ලාපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලයි
lalithm Friday, 15 November 2019 07:13 AM
මොනවා කළත් අල්ලනවා. මේවා නිවැරදි විදියට කරන හැටි ප්‍රසිද්ධ කරන්න. රටට ආදායමකුත් මිනිසුන්ට රැකියාත් ලැබෙන විදියට. රටේ වවන්න පුළුවන් දෙයකින් ආදායමක් ගන්න එක වරදක් වෙන්නේ රක්ෂිතයකින් ගස් කැපුවොත් විතරයි නොවේද?