(රංජන් කස්තුරි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් සකස් කර තිබේ.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති මෙය විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම්කර ඇති එම පනත් කෙටුම්පත් දෙක මේ වනවිට රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ.
මැතිවරණයකදී දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයන් තෝරාපත්වීම සඳහා දැනට තිබෙන මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 5 ක ප්‍රතිශතයක් ලබාගත යුතුය යන නියමය සියයට 12.5 දක්වා වැඩි කිරීම 21 වැනි සංශෝධනයෙන් යෝජනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කාලෝචිත දෙයක්......
හරියට හරි එතකොට බොහෝදෙනෙක් හැලිලා යාවි...
මේ රාජපක්ෂ සුදානම් වන්නේ ඔහුට මීළඟ මැතිවරණයේදී කැබිනෙට් ඇමතිකමක් ලබාගැනීමට කරන උත්සාහයකි. ඔහු සිටියේත් රාජපක්ෂලා සමගයි. ඔහු ඔවුන් සමග නැවත එක්ව සිටියි. කිසිදිනෙක එකම නායකයකු යටතේ සේවය කිරීමට මොහුට නොහැකි වී ඇත්තේ මොහුව මෙහෙය වන්නේ රාහු ග්‍රහයා නිසා වෙන්නට ඇතිබව සමාජ මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. කවුරු මොහුව දේශපාලනයට සම්බන්ධ කර ගත්තද ගෝඨාභය නම් මෙතුමාව අල්ලන්නේ නැත. ඔහු පිළිබඳ විශ්වාසයකුත් නොමැතිබව කියවේ.
මෙය හොඳ යෝජනාවක්.
ජේ.ආර්. මහත්තයා බොහොම පිළිවෙලකට හදලා දීපු දේ ඊට පස්සේ ආපු ආණ්ඩු සංශෝධන කරලා, අවුල් කරලා දැම්මා. දැන් කරන්න හදන්නේ අවුල ලිහලා නැවත ඒ වෙත යාමයි...
මොහු මොන ආණ්ඩුව ආවත් මුලින්ම ඒකට යනවා ඊට පස්සේ ටික කලකින් මොකක් හරි කියලා ස්වාධින වෙලා තව ටික කලකින් විපක්ෂෙට යනවා , මොහු කියන කරන දේවල් දන්නේ මොහොම පමණි.
මෙයා ඇත්තටම අර අදින්නේ ඉදිරියේදී කැබිනෙට් ඇමති වරයෙක් වෙන්නයි. මෙවන් මිනිසුන් රටට කැළලක්. මෙයා රටේ අධිකරණ ඇමති වෙලා ඉන්නකොට අවන්ගාර්ඩ් නඩුවට සම්බන්ධ වෙලා මුදල් වලටම යටවෙලා යහපාලන ආණ්ඩුව පහතට දාපු එක හැමෝටම පෙනුනා. මුදලටම කෑදර මෙවැනි කෘර මිනිසුන් මුදලට රට වුනත් විකුනාවි.
මෙයා නීතිය විතරද දන්නේ ? සමාජ, දේශපාලන හා අනාගතය ගැන දැනුමක් නැද්ද?
දෙපත් නයෙක්. පරිස්සම් වෙන්න ඕනේ මෙයාගෙන්...
ආගමට, ජාතියට, රටට ආදරය ඇති මන්ත්‍රීවරයෙක්. උගත් බුද්ධිමත් කෙනෙක්.
ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන්ගෙන් මොන ව්‍යවස්ථා සංශෝධනද? ඔය හැරෙන්නේ පොල් පැළේකට.