සීමා පිට ඇරෙන රට
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, වැනි අත්‍යවශ්‍ය ආහාර ද සිමෙන්ති, ගෑස් වැනි භාණ්ඩද හිඟවීම එන්න එන්නම දැඩිවීම නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තරමක් ලිහිල් කරන්නට අග්‍රාමාත්‍යවරයා තීරණය කළේය.