IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘සංහිඳියාවේ යෝජනාව ගැන හොඳ කියූ අයම අද අපට ද්‍රෝහීන් කියනවා’

අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද සිතුම් චතුරංග යාපනය සිට
          
දේශපාලන ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස මේ වනවිට සාකච්ඡා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය ඉදිරිපත් කළ සර්ව පාක්ෂික යෝජනා පමණක් යැයිද අද සංහිඳියාව ගොඩනැගීම සඳහා අප එම යෝජනා ගැන කතාකරන විට එදා එම යෝජනා හොද යැයි කියූ පිරිස අපට ද්‍රොහීන් යැයි හංවඩු ගසන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද  (14) යාපනයේදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය කිසිවිටක බලය බෙදාහැරීම ගැන කිසිදු ලියවිල්ලක් හෝ යෝජනාවක් ලබාදී නැතැයි කී අග‍්‍රාමාත්‍යවරයා අද ද්‍රවිඩ සංධානය කතාකරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ ගෙනආ සර්වපාක්ෂික යෝජනා පිළිබඳව බව සියලූ දෙනා දැනගතයුතු යැයිද පැවසීය.

මේ පිළිබඳ විවේචන එල්ල කරන සමහර මාධ්‍ය මහින්ද රාජපක්ෂ යුගයේදී ” දුටුගැමුණු රජ්ජුරුවන්ට රට එකතුකරන්න යෝජනා ගෙනවිත් තිබෙන බව” පැවසූයේ යැයි සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත‍්‍රික්කවල කාන්තාවන් විසින් මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවයට සහභාගී වෙමිණි.

රුපියල් මිලියන 1400ක මුදලක් වෙන්කර මුදල් අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන සංවිධානයකර තිබිණ.
යාපනය වීරසිංහම් ශාලාවේ පැවති මෙම උත්සවය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උතුරු පළාත් සංචාරයේදී යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ මුලතිව් දිස්ත‍්‍රික්කවල සංචාරය කරමින් දෙදිනක් පුරා සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට නියමිතව ඇත.
 
(ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (13)

‘සංහිඳියාවේ යෝජනාව ගැන හොඳ කියූ අයම අද අපට ද්‍රෝහීන් කියනවා’

Bamunuarachchi Thursday, 14 February 2019 10:57 AM

යෝජනා කරපු අය පස්සේ තමයි තේරුම් ගන්නේ මේ සංහිඳියාවත් යුද්දකාලේ රනිල් ගේ සාම සාකච්චා වගේ කියලා. මෙහෙ සාම සාකච්චා යනවිට උන් යුද්දේ සංවිධානය කරගත්තා. දැන් සංහිදියාව ක්‍රීයාත්මක වෙනවිට උතුරෙන් සිංහලයාගේ උරුමය නැතිකරනවා. සංහිදියාව ඕනෙනම් 1980 කලින් උතුරේ තිබුන සිංහලයා ගේ උරුමය පිහිටුවලා වැඩපටන් ගන්න කියමු නැතිනම් ඔය සංහිදියාවෙන් අපිට කමක් නැත

:       30       1037

RaveendraThursday, 14 February 2019 12:09 PM

ද්‍රෝහීන් ගැන කතා කරන්න තියෙන අයිතිය මොකක්ද ??

:       21       199

Hafeel Thursday, 14 February 2019 10:58 AM

ඔයා කියන වගේ මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් නැහැ. තියන්නේ දේශපාලකයන්ගේ හොරකම්, මැරකම් වංචා, දුෂණ. දේශපාලකයෝ නැත්නං, මේ රට මේ වෙනවිට දියුණු වෙලා. එදා ඒගොල්ල යෝජනා කරනකොට ඕගොල්ලෝ විරුද්ධ වුනා. අද ඕගොල්ලෝ යෝජනා කරනකොට ඒගොල්ල විරුද්ධ වෙනවා. මේක තමයි අවුරුදු 71 ම වුනේ. දෙගොල්ලම එකයි. අනික රාජපක්ෂලාට දොස් කියමින්, ඇයි රාජපක්ෂලාගේ යෝජනාව ඕගොල්ලෝ ගේන්නේ?

:       66       503

Hafeel Thursday, 14 February 2019 10:59 AM

අර මුක්කු ගහන අනාගත යූ.එන්.පී.. නායක සුමන්තිරනුත් ළඟ...

:       105       430

Cisco Thursday, 14 February 2019 11:12 AM

ඔය කියන සංහිඳියාව අවශ්‍ය වන්නේ දේශපාලකයින්ට මිස රටේ ජනතාවට නොවේ. රටේ ජනතාවගේ ප්‍රශ්න දෙමළද, සිංහලද, මුස්ලිම්ද කියලා වෙනසක් නැහැ. ඔවුන් අතරේ ඔය තරම් විරසකයකුත් නැහැ. ඔය විරසකය ඇතිකරන්නේ දෙතුන්පැත්තේම දේශපාලකයින්....

:       1       264

Raveendra Thursday, 14 February 2019 12:01 PM

මගේ නම සූත්තර පුංචා බව දන්නවනේ... ඉඳහිට මහදැනමුත්තා කියලත් කියන්නේ.. පැරදුණු ගණන කීමටවත් මතක නැතේ... පෙරපින නිසා පුටුවේ මම ඉන්නවනේ..

:       2       201

Nuwan Thursday, 14 February 2019 12:26 PM

සංහිදියාව කෙසේ වෙතත් මහා බැංකුව නම් හිස් කොරල දැම්මා නේද ?

:       70       288

Arshad Thursday, 14 February 2019 03:50 PM

මමත් ගිය සුමානේ යාපනයේ ගියා. මම හිතුවා ඒ අයට සිංහල බැහැ කියාලා.. සියලුම කඩ සාප්පු වල අයට සිංහල පුළුවන්... ගිය රජයේ කළ සංවර්ධනයට ඔවුන් ස්තුති කළා... මේ රජය අාවට පසු කිසිදෙයක් වුනේ නැහැ කිව්වා. ඔවුන්ට රට බෙදන්නවත් අනුන්ගේ බිම් අඟලක්වත් වුවමනා නැහැ. මේ වගේ නිදහසේ ජීවත් වෙන්න තිබුණා නම් ඇති. මෙයා සහ ගෝලයෝ පිරිස ගෙදර ගියා නම් ප්‍රශ්නය ඉවරවෙනවා...

:       3       264

Bandara Friday, 15 February 2019 12:18 AM

සූත්තර පුංචා කිසි දේකින් විශ්වාස කළ නොහැක...

:       0       31

ranga Friday, 15 February 2019 03:18 AM

ඔබ තුමාට හිතෙන්නේ නැද්ද දැන් ඇති කියලා

:       0       34

Bandula. Friday, 15 February 2019 06:24 AM

ඡන්ද ටිකක් කඩාගන්න කාව හරි වැරදි කියල උතුරේදී දෙකට නැමෙන එක අපේ ලොක්කන්ගේ හැටිනේ නේද?

:       0       23

Bandula. Friday, 15 February 2019 09:31 AM

අනේ මේ, කෙහෙල්මල් සංහිඳියාව, මිනිසුන්ට ආර්ථිකේ දරාගන්න බැහැ. දැන් ඔය දොඩවලා වැඩක් නැහැ. ඡන්ද ගන්න බොරු පිඹිනවා කියලා මිනිස්සුත් දන්නවා.

:       0       93

de silva Friday, 15 February 2019 09:50 AM

ලොක්කා, මගුල්ගෙදර ගිහින් එකට වාඩිවෙලා හොඳට කාලාබීලා ඇවිත් දැන් මහින්ද මහත්මයාට බනින එක සංහිඳියාවට හරි මදිනේ...? ඔය විකාර දොඩවලා අපිව ගොනාට අන්දවන්න එදාපාර නම් එන්න එපා. පක්ෂය සුදුසුකෙනෙකුට පක්ෂනායකකම දීලා ඔබතුමා විශ්‍රාම යන්න. වැඩ බැරි බොරුකාරයන් අපට එපා...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 243 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 121 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 290 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 688 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1315 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 232 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site