IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘උතුරේ අර්බුදයට නව ව්‍යවස්ථාවක් මගින් විසඳුමක් ඕනෑ’

එෆ්.අස්ලම්
 
 
උතුරේ අර්බුදයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවත් මෙරට සියලු ජනතාවට සම අයිතිවාසිකම් විදිමින් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා සඳහන් කළේය.
 
රට තුළ දියුණුවක් ඇති වීමට නම් දේශපාලන විසඳුමක් ගෙන ඒම මූලිකවම සිදුවිය යුතු බවත් මෙකී අර්බුදයට විසඳුම් නොදෙන තාක් කිසිදු දියුණුවක් හෝ ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ජාතික තෛපොංගල් උත්සවයට එක්වී අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා මේ බව අවධාරණය කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේ පැවසීය.
 
මේ රටේ යුද්ධයක් සිදුවෙලා අවසන් වුණු රටක්. මේ යුද්ධය ඇතිවෙන්න හේතු කාරණා රාශියක් පැවතුණා. ඒ හේතූන් තාමත් එලෙසමයි. මේ යුද්ධය සිදුකරන්න ශ්‍රී ලංකාවටයි මෙරට හමුදාවටයි ජාත්‍යන්තරය විශාල සහායක් දැක්වුවා. ජාත්‍යන්තරය මේ සහාය හා එකඟතාව දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට එක් පොරොන්දුවක් වුණා. ඒ මේ යුද්ධයට මුල් වූ කාරණාවන් සියල්ල විසඳලා පිළිගන්න පුළුවන් දේශපාලන විසඳුමක් ලබා දෙනවා කියලා. ඒ අනුවයි ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට සහාය හා එකඟත්වය ලබාදුන්නේ.
 
නමුත් ශ්‍රී ලංකා රජයේ ඒ පොරොන්දුව මෙතෙක් ඉටුවෙලා නැහැ. එය අනිවාර්යෙන්ම ඉටුකළ යුතු පොරොන්දුවක් වගේම වගකීමක්. පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් විදිහට වෙනස් කරලා. ඒ සභාව විසින් කමිටු පත්කරගෙන දේශපාලන විසඳුමක් ගේන්න උත්සහ කලා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිහිපයක්ම ඉදිරිපත් කර තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් අරගෙන නැහැ.
 
ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ගෙන ඒම මූලික අවශ්‍යතාවක්. සිංහල දෙමළ මුස්ලිම් යන සියළු ජනතාවට සම අයිතිය විදිමින් ජීවත්විය යුතුයි. ඒ වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තාක් රටේ දියුණුවක් හෝ ප්‍රගතියක් සිදුවෙන්නේ නැහැ. ඒ තමයි ඇත්තම තත්වය. මෙය සියළු දෙනාම අවබෝධ කරගත යුතු කරුණක්. පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් මේ ප්‍රශ්නය 70 වසරක් දිස්සේ ඇදගෙන ඒම ක්‍රමය නෙවෙයි. එය වැරදියි කියල කියනවා. මේ රටේ ස්ථිර සාමයක් ගොඩනැගිය යුතුයි.
 



අදහස් (0)

‘උතුරේ අර්බුදයට නව ව්‍යවස්ථාවක් මගින් විසඳුමක් ඕනෑ’

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 90 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 132 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 408 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 170 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 321 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 718 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site