IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සජිත් ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙයි

(තිළිණි ද සිල්වා)

රාජකාරී කටයුතු වලදී උපදෙස් ලබා දීම විනා නියෝග කිසිවක් සිදු නොකරන බවත් 2025 වනවිට මෙරටට උදා ගම්මාන 20000 ක් බිහිකරමින් රටේ ජනතාවගේ ‘‘ සැමට සෙවණ ’’ නිවාස සංවර්ධන දැක්ම ඉදිරියට ගෙන යාමට කැප වී සිටින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද  (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ කියා  සිටියේය.

අවිධිමත් ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගත් සේවයකයින් 635 පිරිසක් වෙනුවෙන් රුපියල් මිලියන 641 ක මුදලක් වැටුප් වශයෙන් ගෙවීම රජයේ මුදල් අවභාවිත කිරීමක් ලෙස තමන් පිලිනොගන්නා බවත් එම පිරිස රට වෙනුවෙන් රුපියල් මිලියන 35000 ක් වටිනා සංවර්ධන ව්‍යාපෘති රටට දායාද කිරීම වෙනුවෙන් ඇප කැප වූවන් යැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හමුවේ විභාග වන පැමිණිල්ලට අදාළව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව කීය.

දිවා රෑ නොබලා තමන්ගේ පූර්ණ අවධානය සැම සෙවණ ව්‍යාපෘතිය යටතේ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවන අවස්ථාවක 2015 , 2016 , 2017  වසර තුනේදීම තම අමාත්‍යාංශය විසින් මුදල් වැය කර ඇත්තේ සියයට 99.9කට වඩා අඩුවෙන් යැයිද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හැමවිටම ස්වාධීනව ආදායම් උපයමින්  එහි සේවක වැටුප් ආදිය ගෙවීමේ කටයුතු නිසි පරිදි ඉටුකරන ආයතනයක් බවත් එසේම එසේම එම අධිකාරිය සඳහා සේවකයින් බඳවා ගැනීම් අදාළ අධිකාරි පිහිටවූ පනතට පටහැනි ලෙසට සිදුව ඇතැයි බවට එල්ල කරන චෝදනා තමන් නොපිළි ගන්නා බවද කියා සිටියේය.

එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද (23) පෙරවරු 9.30ට පෙනී සිට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එහි පොලිස් නිලධාරීන් ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ පැය හතරකට වැඩි කාලයක්  ප‍්‍රකාශයක් ලබා දුන් ඒ මහතා ඉන්පසුව කොමිසම ඉදිරියේ පෙනී සිටි මෙම සාක්කි ලබා දුන්නේය.

ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , එහි පරීක්ෂකවරුන් වන විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ සහ විශ‍්‍රාමලත් විගණන අධ්‍යක්ෂකවරයෙකු වන පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්වරුන් හමුවේ මෙම සාක්කි ලබා ගැනීම සිදු කෙරිණි.

 



අදහස් (5)

සජිත් ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙයි

Mahee Monday, 23 September 2019 03:14 PM

මේ කතා කරන්නේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනා නේද? අනුමත පටිපාටි කඩමින්, නීතියට පටහැනිව පත්වීම් දීම මගින් මහජන මුදල් තමන්ගේ පෞද්ගලික මතය අනුව වියදම් කිරීම නිවැරදි යැයි කියන නායකයෙකුගෙන් මොකක්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? මොනවා කරන්නද ? "රටකට ලැබෙන්නේ ඒ රටේ ජනතාවට ගැළපෙන ආණ්ඩුවකි".

:       0       0

Rata Perata Monday, 23 September 2019 04:51 PM

යන්නේ කොහෙද, මල්ලේ පොල් කතා. බඳවාගත් පටිපාටිය හරිද කියලා අහනකොට, එයාලා වැඩ කලා කියනවා. මේ වගේ අයනේ රටේ නායකයන් වෙන්න දඟලන්නේ..?

:       0       0

chandima Monday, 23 September 2019 08:13 PM

මෙයා දන්නේ ගෙවල් හදන්න විතරයි, බාසුන්නැහැ කෙනෙකුට කරන්න පුළුවන් වැඩ කොටස කරන්න ජනාධිපති කෙනෙක් ඕන නැහැ නේද?

:       0       0

pj Tuesday, 24 September 2019 03:38 AM

රජයේ මුදල් පරිහරණය කළ යුත්තේ අදාල පිළිගත් ක්‍රමවේදයන්ට අනුකුලවම පමණි. ජනාධිපති අපේක්ෂකයකු වෙලත් මෙය නොදැන සිටීම කණගාටුවට කරුණකි. කොමිසමේ තීරණය කුමක් වුවත් සමාව දිය නොහැකි වරදකි.

:       0       5

saman wimai Tuesday, 24 September 2019 04:25 AM

වැරැද්දක් පිළිගන්න දැන උගත්කමක් තිබිය යුතුයි .

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 20 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 199 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 101 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 101 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 101 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 34 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site