(ඩී. ජී. සුගතපාල)
රුපියල් ලක්ෂ විස්සකට උණවටුන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගෙන සිටි කාන්තාවක සහ ඝාතනයට සූදානම්ව සිටි පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අද(17) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව රත්ගම පදිංචිකාරියක වන අතර, පළාත් පාලන ආයතනක මහජන සම්බන්ධිකරණ නිලධාරිනියකි. අනෙක් පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්වූ, ගෝනාපිනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය කිරීමට උපදෙස් ලද පුද්ගලයා දුන් තොරතුරු අනුව ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
ඝාතනය කිරීමට නියමිත කාන්තාව සොයාගිය එම පුද්ගලයා ඇය මරාදැමීමට තමාට කොන්ත්‍රාත්ත්‍රවක් ලැබී ඇති බවත්, එහෙත් තමා එයට විරුද්ධ බවත් ඔහු පවසා ඇතැයි පොලිසිය කියයි. ඇය විසින් සිද්ධිය ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන්වීමෙන් පසු ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පරීක්ෂණය බාරදී ඇත.
ඝාතනය කිරීමට සුදානම්ව සිටි කාන්තාවගේ සැමියා මෙම කොන්ත්‍රාත්තුව ඇයට ලබාදුන් බව සැකකාරිය පොලිසියට පවසා ඇත.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 20කට පුද්ගල ඝාතනයක් සැලසුම් කළ දෙදෙනෙකු අල්ලයි