IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බෝම්බ පිපිරීම් ගැන හොයන්න එෆ්.බී.අයි කණ්ඩායමක් දිවයිනට

(තිළිණි ද සිල්වා)
 
කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක පිහිටි කතෝලික දේවස්ථාන සහ හෝටල් තුළ සිදුවුණු බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලමින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට සහාය දීමට ඇමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. පරීක්ෂකයන් කණ්ඩායමක් මෙරටට පැමිණි බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.
 
මෙරට සිදුවුණු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සහාය ලැබෙන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමැතුම් ලබා දුන් අතර එහිදී ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය උදවු දීම සම්බන්ධයෙන් එකඟත්වයක් පළ කෙරුණි. එෆ්.බී.අයි. පරීක්ෂකයන් මෙරටට පැමිණියේ ඒ අනුවය.
 
මේ අතර මෙලෙස ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරමින් මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය කියා සිටියේ එෆ්.බී.අයි. පරීක්ෂකයන් කණ්ඩායමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදු කරන පරීක්ෂණ කටයුතු සඳහා සහාය දැක්වීමට පැමිණෙන බවත් ඔවුන් පැමිණෙන දින තමන්ට තහවුරු කළ නොහැකි බවය.



අදහස් (4)

බෝම්බ පිපිරීම් ගැන හොයන්න එෆ්.බී.අයි කණ්ඩායමක් දිවයිනට

kaween Wednesday, 24 April 2019 03:15 PM

ඕනෙනම් කියන්න අපේ ආරක්ෂක ලේකම් ඔයාලට දෙන්නම් මේ කරපු උදව්වට...

:       6       359

rasika Wednesday, 24 April 2019 09:00 PM

බොහොම පරිස්සමෙන් ඔය ඇමෙරිකාවේ උදව් ගන්නේ.. එයාලට රටකට ඇතුළුවෙන්න ඕනේ උනහම මේ වගේ ගැටුම් ඇති කරලා ඒ මාර්ගයෙන් ඒ රටට ගොඩ බහිනවා.. ඇමෙරිකාවට ත්‍රිකුණාමලයේ වරයා ඉල්ලලා තිබුණ වගේම කදවුරක් දන්නා රනිල් සමග කතා කරලා තිබුන.. මුළු බටහිරම එල්ටීටීඊ එකට සහය දෙනකොට අපි එල්ටීටීඊ පරද කලේ ඔය කාගෙවත් උපදෙස් මත නොවේ.. ඒ දක්ෂ නිලධාරීන් තාමත් ඉන්නවා හැබැයි ටික දෙන්නම් හිරේ ඉන්නේ ..

:       0       0

pradeep Thursday, 25 April 2019 03:09 AM

ලොව අංක එකේ මහා මොළ කරුවන්ව හා සටන් කරුවන් හා ඉව ඇති අපේ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මේ වැඩේ කරන්නට පුළුවන් බව සියලු ශ්‍රී ලාංකිකයෝ හා විදේශිකයෝ පවා පවසා තිබෙනවා. සමහර විට මේ දෙයින් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වන්නට පුළුවන්....

:       0       12

Saman pathiranaThursday, 25 April 2019 10:36 AM

එහෙමනම් කියන්නේ නැහැ, අපි ඉන්න තැන්වල මිනිස්සු අහන්නේ අයි උඹලගේ ආණ්ඩු ආරක්ෂක අංශ මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නේ ? මෙච්චර ලෝකේ රටවල් කිහිප සැරයක්ම අනතුරු අගවලත් කියල .. ඒවාට දෙන්න උත්තර නැහැ , මමත් ඉන්නේ පිටරට කිවේ ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 47 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 164 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 478 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 377 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 283 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 716 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site