IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එ. ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ කටයුතු වලට අත දානවා

                   

ඩයනා උදයංගනී

      

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ හමුදාවට සාවද්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ බලයක් යටතේ නඩු පැවරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසියේදී අද (19) ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සෙවීමට දේශීය යාන්ත‍්‍රණයක් තිබුණේ නැති බව ඇය කීවත් ඒ වෙනුවෙන් දේශීයව කොමිෂන් සභා තුනක් තිබූ බව කී වීරසේකර මහතා ඒ එකකින්වත් කිසිම හමුදා ජෙනරාල්වරයෙක් වරදක් කළ බව තහවුරු වී නැතැයි සඳහන් කළේය.

ජිනීවා නුවරදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කීවේය.

‘ජාතීන්ට වෙනස් ආකාරයට සැලකීම පිළිබඳව මෙහිදී කතා කරනවා. නමුත් අද අප මේ ගැනත් කිව යුතුයි. යුද හමුදාවේ ජෙනරාල්වරු දෙමළ ත‍්‍රස්තවාදීන් පරාජය කළ නිසා දඬුවම් විඳින බව කිව යුතුයි.

මෙම ජෙනරාල්වරු යුද පෙරමුණේ සිටි අයයි. ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන් පවා හෙළා දැකපු එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂඥ වාර්තා වේ අඩංගු සාවද්‍ය යුද අපරාධ චෝදනා ජිනීවා මහ කොමසාරිස්වරිය පිළිගෙන තිබෙනවා. අපේ ජෙනරාල්වරුන්ට විරුද්ධව සර්ව ලෝක අධිකරණ බලය යටතේ නඩු පැවරිය යුතුය කියා ඇය සිතනවා.

දේශීය යාන්ත‍්‍රණයක් තිබුණේ නැත කියා ඇය කියනවා. එය සත්‍යයෙන් තොරයි. මේ ගැන සෙවීමට දේශීය කොමිසම් තුනක් තිබුණා. ඒ එකකින් වත් මේ කිසිම ජෙනරාල්වරයෙක් කිසිම අපරාධයක් කළ බව ඔප්පු වී නැහැ.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි ලෙස පත් කිරීම පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරිය කනස්සල්ල පළ කරනවා. ජනාධිපතිවරයා ඔහුව පත් කළේ සුදුසුකම් මතයි. එය අපේ අභ්‍යන්තර කටයුත්තක්. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අනුව ඇයට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්න බෑ.

මහ කොමසාරිස්වරිය සමූහ මිනී වළ ගැනත් කතා කරනවා. අතුරුදන් කාර්යාලය කාබන් කාල නිර්ණය කිරීම සඳහා එහි සාම්පල යැව්වේ යුද හමුදාවට වගකීම පවරන්නයි. නමුත් ඔවුන්ගේ අවාසනාවට ඒ ඇටකටු වසර 600 ක් පැරණි බවට දැන් සනාථ වී තිබෙනවා .

      



අදහස් (31)

එ. ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ කටයුතු වලට අත දානවා

rocky Tuesday, 19 March 2019 02:28 PM

බළල්ලු දී කිරට සාක්කි කියති!

:       711       30

Hafeel Tuesday, 19 March 2019 03:46 PM

මෙතුමා පමණයි රට වෙනුවෙන් පෙනී සිටින්නේ.

:       73       1022

Bamunuarachchi Tuesday, 19 March 2019 03:57 PM

කාගේ නිවට කමටද? දැන් ඉන්න පාලකයින්ගේ නිවට නියාලුකම නිසානේද? මොවුන් අපේ රටේ නායකයින් හැටියට හඳුන්වා දෙන්න පුලුවනිද? කොන්දක් නැති නිවට නායකයෝ. රටේ දන්තධාතුන් වහන්සේ වැඩසිටින නිසා 2005 ආණ්ඩු පෙරලියක් වුනේ. මොවුන් දිගටම සිටියා නම් මේ වනවිට රට දෙමලාට දීලා. අපි කල්ලතෝනිවෙලා...

:       115       1051

NissankaWednesday, 20 March 2019 10:56 AM

කලින් හිටිය කොමසාරිස් හුසේනුත් කලින් හිටපු පාලකයන්ගේ කාලේ බලපෑම් කළා. කලින් ආණ්ඩුව ගිවිසුමුත් ගැහුවා. ඒ අතරේ මිනිස්සු ඉස්සරහට ඇවිත් පපුවට ගහගත්තා විදුලි පුටුවට යන්න ලෑස්තියි කියලා.

:       22       58

Kule Tuesday, 19 March 2019 04:40 PM

සමනල්ලුු රෑට පාලනය කරන කොට ශිවාජිලා එන එක අහන්න දෙයක්ද?

:       42       874

මම සපුමල් Tuesday, 19 March 2019 06:55 PM

ඉතින්, අපිට කියන්නේ ඇයි? ගිහින් පුළුවන් නම් එපා කියනවා. නැත්නම් නඩු දානවකෝ පුළුවන් නම්. ලොකු ටෝක් දුන්නට බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති පුස්සෝ එකතුවෙලා... තවත් මේ රට කන්න හදනවා. මේ ආණ්ඩුව ඒවා ගානට බලාගනියි. නැත්නම් ගස් යන්න වෙන්නේ අපිට නෙමෙයි මානව අයිතිවාසිකම් කඩ කරපු අයට...

:       1556       1018

BamunuarachchiWednesday, 20 March 2019 02:09 AM

මෙහෙමත් පාදඩයින්... සිංහල වෙන්න බැහැ දෙමළ වියයුතුයි.

:       12       121

මම සපුමල්Wednesday, 20 March 2019 11:53 AM

අරයා සිංහළ, මෙයා දෙමළ ගාන ඔක්කොම කවලම් බල්ලෝ වගේ... අපි ගැන දැනගන්න ඉතිහාසය ඉගෙනගෙන එනවා ඉස්සෙල්ලා. රටේ නියම උරුමක්කාරයෝ විදිහට අපි හැමෝටම සමානව සලකනවා. මම මේ තේරෙන භාෂාවෙන් කතා කලේ. ඕනේ නම් ශාස්ත්‍රීය ලෙසත්, කරුණු කාරණා, තර්ක, ඉතිහාසය​, ජාතිය, මානව ශිෂ්ඪාචාරය ගැනත් කතා කරමු. නොදැන ගියොත් අතරමග. මහින්ද වගේ...

:       107       0

Bangomunu.Wednesday, 20 March 2019 02:49 AM

පක්ෂ, පාට මොකක් වුනත්, මේ අපේ යුධ වීරයෙක්. කරුණාකර එතුමාට වැදගත් විදිහට කතාකරන්න පුරුදු වුනොත් හොඳයි. 'ලුලා නැති වලට කණයා පණ්ඩිතයා කිව්වාලු'. කට වසා සිටිනා තාක් කල් අර කව්ද කෙනා පණ්ඩිතයා කිව්වාලු. ඒත් කට ඇරපු ගමන්ම ඔහු කව්ද කියා පෙනෙනවාලු. ඊයේ පෙරේදා සිට දකින මේ 'මම සපුමල්ද 'එසේම වේ.' මම කිඩාරම් මල් ' යනුවෙන් යොදා ගැනීම වඩාත් නිවැරදි වෙයි...

:       35       280

nishaWednesday, 20 March 2019 03:47 AM

රජතුමාට පක්ෂ අයවලුන් යුද වීරයන් වන අතර ඇතැම් අය අය කලවැද්දන් වෙති .

:       272       71

මම සපුමල්Wednesday, 20 March 2019 04:16 AM

ලොක්කා මේ, ඔහෙට ඔය එක එක හාල්පාරුවන් ලොකු නම් ඔලුව උඩ තියාගෙන පට්ට හොරු.. මිනීමරුවෝ එක්ක අර රණවිරු සෙල්ලම නටනවා. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නෑ ඕයී. ඔව්, මම සපුමල් තමයි. මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා තමයි. ඒ ගමන ඇවිත් තියෙන්නේ ලේ, දහදිය කඳුළු මැදින්... ඉවසලා බලාඉන්න බැරිනම් විදුලි පුටුව ට්‍රයි කරලා බලමුද? ලොක්කා මේ, ඔහෙට ඔය එක එක හාල් පාරුවෝ ලොකු නම් ඔලුව උඩ තියාගෙන පට්ට හොරු.. මිනීමරුවෝ එක්ක අර රණවිරු සෙල්ලම නටනවා. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නෑ ඕයි. ඔව්, මම සපුමල් තමයි. මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා තමයි. ඒ ගමන ඇවිත් තියෙන්නේ ලේ, දහදිය කඳුළු මැදින්... ඉවසලා බලා ඉන්න බැරිනම් විදුලි පුටුව ට්‍රයි කරලා බලමුද?

:       302       2

මම සපුමල්Wednesday, 20 March 2019 04:25 AM

තොප්පිය හරි නම් ඕනේ පුස්සෙකුට දාගන්න පුළුවන්... හාද?

:       110       61

BamunuarachchiWednesday, 20 March 2019 07:14 AM

රජතුමාට පක්ෂ විපක්ෂ කම නොවෙයි මෙතන තිබෙන්නේ. රට, ජාතියට තිබෙන පක්ෂකම අපි බලන්නේ... සරත් වීරසේකර මැතිඳුන් මහින්ද මහතා බලයට එන්න කලින් හමුදාවේ සිටි කෙනෙක්. කෝ එකල සිටි නායකයාට යුද්ධය දිනාගන්න බැරි වුනානේ... ඒ කාලේ සිටි ලොක්කෝ දෙන්න රට ප්‍රභාකරන්ටත් දෙන්නා යෝජනා කළානේ. හේතුව යුද්ධයට දේශපාලන නායකත්වය දෙන්න හිටපු ගොබ්බයින්ට බැරිවීමයි. 2005 දී සිදුවුනේ අපේ රණවිරුවන්ට නියම දේශපාලන නායකත්වය දී යුද්ධ නායකයින්ගේ සිතුම්පැතුම් වලට රුකුල් දීමයි. එමනිසා හොඳින් හෝ නරකින් යුද්ධය දිනා කොටි පවුල සුන්නත් දූවිලි කළා. දැන් වෙලා තිබෙන්නේ අර නිවටයා නැවත රජවීමයි. එකාට දැන් රට බේරා දුන් රණවිරුවන් යුද්ද අපරාධ කාරයින් වෙලා. නුඹලාට වැන්නවුන් පොල්පිති න්‍යායෙන් රට දිහා බලන්නේ. අපි සිංහල කියා රට දිහා බලන්නේ.

:       22       175

BamunuarachchiWednesday, 20 March 2019 07:17 AM

මේකා කොහෙන් පාත්වුණු "ගොරකෙක්ද"?

:       0       171

karuna sydneyWednesday, 20 March 2019 07:25 AM

සපුමල් කියන්නේ ඔබගේ ඇත්තම නමද? කතාවේ තියෙන වීරකම ක්‍රියාවෙනුත් පෙන්වන්න නම් ඇත්ත නම සහ ගම් ප්‍රදේශය දමලා කතාකරන්න.

:       0       126

BamunuarachchiWednesday, 20 March 2019 08:24 AM

ඇත්තටම මම මීට කලින් ඩයස්පෝරාව සමග වාදකළ බ්ලොග් එකේ ලියන කෙනාගේ රටත් සමග කමෙන්ට් එක වැටෙන්නේ කාගේවත් නම්වලින් ලියන්න බැරිය. මේ පත්තර ඒ තරමට දියුණු වේවා කියා හිතන්න බැරිය..

:       1       105

sana Tuesday, 19 March 2019 07:30 PM

මතයක් පළ කිරීම අත දැමීමක් නොවෙයි. පහුගිය කාලේ හරියට විදේශ භාෂා දැනුමවත් නැති උදවිය ජිනීවා ගිහින් මොකද කරේ? විදුලිපු‍ටු කතා මෙහේ කියද්දි ඇයි ඒ කාලේ මෙයාව යවන්න බැරි වුනේ?

:       80       47

බද්රානි Tuesday, 19 March 2019 09:31 PM

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න මහත්තයෝ, මෙතන නිකම් මෝඩයින්ට අං තබන සෝබනකාරයෙක් වෙන්නේ නැතුව...

:       1       55

BamunuarachchiThursday, 21 March 2019 05:34 AM

ඇඟිල්ල ගානට ඉදිමීම හොඳ බව අපි දන්නවා

:       0       0

rocky Wednesday, 20 March 2019 02:04 AM

හලෝ, බමුණු වහන්සේ. දන්තධාතුන් වහන්සේගේ බලය දැන් අඩු වෙලාද? නිකන් ඉන්න මහත්තයෝ ගොන් කතා කියන්නේ නැතුව..!

:       209       0

BamunuarachchiWednesday, 20 March 2019 06:55 AM

අංගොඩ රොකී හාමුදුරුවා ඔහේලාගේ ආගම ගැන කතා කරන්න. බුද්ධාගම ගැන කතා කිරීමට හම්බස්ලාට අයිතියක් නැත.

:       0       216

Bamunuarachchi Wednesday, 20 March 2019 02:07 AM

සරත් මහතාණෙනි, සිවාජිලිංගම් මානව හිමිකම් කොමිසමේදී ලංකාව තුනට කඩන බව කියා තිබෙන බවත් විශාල කාලගෝට්ටියක් ඇතිවුණු බවත් අද පුවත් පතක පලවී තිබුණා. කඩන්නේ උතුර, නැගෙනහිර සහ මා විසින් මීට පෙර පෙන්වාදී බැණුම් අැසූ වතුදෙමලුන්ගේ උඩරට පලාත් වේ. ජාති ජන්මයක් නැති රනිල් වැන්නවුන් මෙරට හතරට කැඩීමට පෙර සිවාජී සමග ඉතුරු හරිය විසඳීම නාන්නාඳුනන තුවක්කු කරුවෙකුට භාරදීමට සිදුව ඇත. අපේ කාලේ සිවාජිලාට "හ්ම්" කියන්න ඉඩතැබුවේ නැත. දෙමළ ජනගහනය අඩු කරන්න ඔය ටිකම සිංහල අපිට ප්‍රමාණවත්...

:       80       179

මම සපුමල්Wednesday, 20 March 2019 11:40 AM

මෙය බරපතල ජාතීවාදී වූත්, හිංසාවාදීවූත් ප්‍රකාශයකි. රටේ අගමැතිවරයා ඝාතනය කළයුතු බව ඔහු ප්‍රකාශ කොට තිබේ. මේ පිටුපස ඉන්නා විශම බලවේග කවුද? වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට දැන්විය යුතුය​.

:       102       25

Sapumal. Wednesday, 20 March 2019 02:14 AM

'ගෙයි ගින්දර පිටට එපා' කියා කියමනක් තියෙනවා. පක්ෂ පාට කුමක් වුවත්, අපේ දේ ගැන මේ කොමසාරිස් වරියගේ බලපෑම්වලට අප කැමති නැහැ. වීරසේකර මහතා ඇතුළු යුධ වීරයන් හා යුද්ධය මෙහෙය වූ ජන නායකයන් නැතිනම්, අද අපේ රට ප්‍රභාකරන් අතේ. එය නොදන්නා අය ගුණමකුවන්. ඒත්, පෙර නායකයන් කළ හොර මැරකම් අප අනුමත කරන්නේ නැහැ. එය අප රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්... ඒවා දඩමීමා කරගෙන රණවිරුවන්ට දඬුවම්දීමට විදේශීය අංශවලට ඉඩදීමට බැහැ. ඒ අය බින්ලාඩන් අල්ලන් ගිහින් මරා දැමීම ගැනත්, විදෙස් නීති හෝ නොසලකා වෙනත් රටවලට පහර දෙනවිට නැති මානව හිමිකම් නීතිය ප්‍රභාකරන් ඇතුළු කොටි කල්ලියට ලබාදීමට දඟලනවා. ප්‍රභාකරන් ඇතුළු කොටි කල්ලිය කියන්නේ බින්ලාඩන් ඇතුළු ත්‍රස්ත කල්ලිය වගේම භයානක කල්ලියක්. බින් ලාඩන් හා එම කල්ලියට නැති මානව හිමිකම් ප්‍රභාකරන් ඇතුළු කල්ලියට ලබාදීමට වෙහෙසීම සාධාරණ දෙයක් වෙන්නේ කොහොමද?

:       0       280

මම සපුමල් Wednesday, 20 March 2019 04:21 AM

කොන්ද පණ තියෙනවා නම්... හොරුන්ට තමන්ගේ ඇත්ත නමින් කඩේ යනවකෝ...

:       191       3

Mama Kidaaram Mal.Wednesday, 20 March 2019 05:55 AM

නුගතා උගතෙක් වගේ පෙන්වන්න හැදුවත්, තමන්ටම නොදැනීම නූගත්කම ප්‍රදර්ශනය වෙනවා. බත් කෑවාට ගහන්නේ ගොම. අදහස් පලකළාට කමක් නැහැ. අශික්ෂිත විදිහට වීරසේකර මහතාට කතාකිරීමෙන් පිරිහෙන්නේ තමුන්මයි. එතුමගේ සමහර දේ ගැන අපද එකඟ නැහැ. ඒත් ඒ වගේ කෙනෙකුට කතාකලයුතු විදිහක් තියෙනවා. ඇත්ත පෙන්වාදීමත් කඩේ යාමත් යන දෙකේ වෙනස නොදන්නා අනුවණයන්....

:       0       169

BamunuarachchiWednesday, 20 March 2019 06:51 AM

වසලයෙක්... නැතිනම් කවුද සිංහලයින් වෙනුවෙන් කතා කරන සරත් වීරසේකර මහතාට විරුද්ධව කතා කරන්නේ....?

:       6       135

මම සපුමල්Wednesday, 20 March 2019 11:29 AM

මහ ලොකු දේශප්‍රේමය. සිංහලකම... ඔය සිංහලකම, දේශප්‍රේමය එදා දකුණේ කොල්ලෝ මරද්දී තිබුනේ කොහෙද​? අපි මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ රට ජාතිය ගැන කතා කරද්දී තිබුණේ කොහේද​? රටේ මිනිස්සු මරද්දී, හොරකම් කරද්දී තිබුනේ කොහෙද? ලසන්ත, තාජුදීන්, තාරකී, රවිරාජ් ඝාතනවලදී තිබුනේ කොහෙද? සිංහල, බෞද්ධකම ගැන කලවම් උන් තමයි වැඩිපුර කතා කරන්නේ. නියම සිංහලකම කියන්නේ අභියෝගවලදී දුවන එක නෙමෙයි. අනුන්ට ඇඟිළි දික් කරන එක නෙමෙයි. මට චම්පක පෙරුමාල් කිව්වත් කමක් නෑ. ඇත්ත ඕකයි. කුලියට ලියන එකයි, දේශප්‍රේමයයි එකක් නෙමෙයි... දෙකක්....

:       115       72

HRWednesday, 20 March 2019 06:32 AM

තමුන් කඩේ යන්නේ එතකොට සිල් රෙදි කොටි හම පොරව ගත්ත හිවලුන්ටද..?

:       2       121

rocky Thursday, 21 March 2019 02:26 AM

මේ බමුණුආරච්චි හැම දෙයක්ම ගැන දන්නා, හැම දෙයක් ගැනම තීරණ ගැනීමට පුළුවන් කෙනෙක් හැටියටයි පෙනී සිටින්නේ. මහා දැනමුත්තා වගේ නොදන්නා දෙයක් නැහැ. ඔහු හිතන්නේ ඔහු හිතන හැම දේම හරි කියලයි. රට, ජාතිය, ආගම ගැන ඔක්කොම දන්නෙත් ඔහු විතරයි. දෙමල , මුස්ලිම් ජනතාව ගැන දන්නෙත් ඔහු විතරමයි! විශේෂඥයින්ගෙනුත් විශේෂඥයෙක්! එයින් හැඟෙන්නේ ඔහු තුට්ටුවකට මායිම් කරන්න නුසුදුසු මෝඩයෙක් බවයි !

:       152       0

BamunuarachchiThursday, 21 March 2019 05:55 AM

බමුණුආරච්චි පොත් පුවත්පත් සංග්‍රහ කියවන කෙනෙක්. කොටින්ම කඩේකින් අත පිහදා ගන්න දෙන පත්තර කොළ කෑල්ලත් කියවනවා. ඒ නිසා ඔබලා වන්නවුන් ලෙහෙසියෙන්ම ටැකල් කරන්න පුළුවන්.

:       19       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 27 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 876 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1602 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1824 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 946 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 892 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site