(මනෝප‍්‍රිය ගුණසේකර)
රිවිර පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියම කළේය.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල උධෘත පරීක්‍ෂා කිරීමෙන් පසුව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
රිවිර පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු යුද හමුදා බුද්ධි අංශ සාමාජික ලලිත් රාජපක්‍ෂ නමැත්තා මේ වන විට ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එමෙන්ම මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ බව කියන සීවලී බුලත්වත්ත ඇතුළු 8 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර ඇත.
කීත් නොයාර් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන උධෘත පරීක්‍ෂාවට ලක් කළ බව දැනුම් දෙන නීතීපතිවරයා එම උධෘතයන්ට අනුව මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීවලී බුලත්වත්ත ඇතුළු සැකකරුවන් 8 දෙනාට අමතරව ලලිත් රාජපක්‍ෂ නමැත්තා ද සැකකරුවකු වශයෙන් නම් කිරීම සඳහා ප‍්‍රමාණවත් සාක්කි ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට දැනුම් දී ඇත.
ඒ අනුව ලලිත් රාජපක්‍ෂ නමැත්තා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ශානී අබේසේකර මහතාට උපදෙස් දී ඇත.
අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා
2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .
’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි නිලධරයා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග