IMG-LOGO

‘‘රන්ජන් කළ දේ රන්ජන්ටම පරාවළල්ලක් වෙලා‘‘

(නිමල කොඩිතුවක්කු)

හඬපට පටිගත කරමින් රන්ජන් රාමනායක මහතා කටයුතු කළ ආකාරය හරියි කියා තමන් අනුමත නොකරන බවත් ඔහු සිදුකළ දේ අවසානයේ ඔහුටම  පාරාවළල්ලක් වූ බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීනී  හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

රන්ජන් රාමනායක මහතා ළඟ රාජකාරි කරමින් සිටි පුද්ගලයකු තරහ වී එතනින් ඉවත් වී යද්දී මෙම සංයුක්ත තැටි පිටපත් රැගෙන ගොස්  කිසියම් රූපවාහිනි නාලිකාවන්ට භාරදී ඇති බවට තමන්ට හැඟෙන බවත් ඇය සඳහන් කළාය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මේ බව පැවැසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී  හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.

            ‘‘මම කියන්නේ නැහැ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළ වැඩේ හරියි කියලා. මොකද හැම කෙනාටම පෞද්ගලිකත්වයක් තිබිය යුතුයි. ඔබ හිතලා බලන්න ඔබ කාත් එක්ක හරි කතා කරද්දි එහා පැත්තෙන් ස්පිකර් ෆොන් දාලා හරි කොල් එක රෙකෝඩ් කරලා හරි අනිත් කෙනාව අපහසුතාවයට පත් කරන එක හරිද කියලා. ඒ වෙලාවට රාජකාරී දේවල්ම කතා කරන්නේ නැහැනේ සමහර විට විහිලුවක් කරහම  ඒවට හිනා වෙනවා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්.

ඒ රොකෝඩ් කරපු තැටි ඔහු ලඟ තියා ගත්තා. ඒ කරපු වැරදි දේම එතුමන්ට පාරාවලලක් විදියට කැරකිලා ආවා.  වැඩ කරපු කෙනෙක් තරහ වෙලා යනවිට මේ තැටි ටික පොලිසියට බාර දුන්නා හෝ මාධ්‍ය ආයතනයකට දුන්නා කියලා තමයි ගොඩක් කියවෙන්නේ.

ඇත්තටම මගේ දැනුම අනුව සිද්ධවෙලා තියෙන්නේ අපි විපක්ෂයට ගියහම කාර්ය මණ්ඩලය අඩුවෙනවා. ඒ අනුව එතුමන් එක්ක වැඩකරපු කෙනෙක්  අයින් කරලා තියෙනවා.

එයා ලඟ තමයි  පරිස්සමට මේ තැටි ටික තියලා තියෙනවා කියලා කියන්නේ. ඒ තරහට  මේ තැටි ටික එක්තරා මාධ්‍ය ආයතනයකට ගිහින් දීලා තියෙනවා. ඒ මාධ්‍ය ආයතනය  පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. අර කොපි ටික තමයි මාධ්‍ය ආයතනය පොලිසියට දුන්නේ. පොලිසිය ගිහින් රන්ජන් රාමනායකගේ නිවස සෝදිසි කරලා ගෙදර තිබුණ ඔර්ජිනල්  ටිකත් අරගෙන ගිහින් තියෙනවා‘‘ යැයිද ඇය එහිදි සඳහන් කළාය.

 

 



අදහස් (0)

‘‘රන්ජන් කළ දේ රන්ජන්ටම පරාවළල්ලක් වෙලා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 242 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 763 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site