(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් රචිත 'උත්තරීතර - දෝෂාභියෝගයේ ඇතුලාන්තය' නැමැති ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද (20) සිදු කෙරිණි.
සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ මෙහි පසුගිය ආණ්ඩුව සමයේ දෝෂාභියෝගයක් මගින් අගවිනිසුරු ධූරයෙන් තමන්ව නෙරපීම පිළිබඳ සත්‍ය තොරතුරු ග්‍රන්ථය හරහා පාඨක ජනතාවට තමන් ඉදිරිපත් කරන බව ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
තමන් කිසි කලෙකත් කිසිම දෙයක් කලින් සැලසුම් නොකරන බවත් එය දෛවයට බාර දෙන බවත් මහජනතාව වෙනුවෙන් ඕනෑම සේවයක් ඉටුකිරීමට තමන් සුදානම් බවත් ඇය පැවසුවාය.
ඉදිරියේ එළැබෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස තමන් ඉදිරිපත් වනවා දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.




COMMENTS
පසුගිය දවසක මෙයාගේ සැමියා අන්තිමට වරද කාරය වුනානේ . හොර ගනුදෙනුව ගිය ආණ්ඩුවෙන් අවලංගු කල නිසා අලාබයක් නැහැ කියල අත්හිටවූ සිරදඬුවමක් දුන්නේ
ඔය එන්නේ එක එක වේශයෙන්... අවසානයේ මෙයාගේ මනාපත් එජාප අපේක්ෂකයා වෙනුවෙන් පාවිච්චි වෙනබව ස්ථිරයි.
බැංකුවෙන් කොටි 300ක් වංචා කරපු හැටිත් තියෙනවද?
මෙයාලා තමයි එන්න ඕනෑ.. මිනිමරුවන් නෙවෙයි..
මම නම් පිළිගන්නවා. එතුමිය ඉතාම වැරදි විදිහට නෙරපා හරින ලද බව. හැබැයි, තනතුරේ බලයෙන් මහත්තයව බැංකුවට දාගත්ත එක එහෙම හොඳත් නැහැ...