IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මූල්‍යම ප්‍රදානයක්

( තිළිණි ද සිල්වා )
 
මේවසර තුළදී මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96 ක ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය තීරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.
 
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හියෝන් ලී මහතා  අද  (14) කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශයේදී  පැවති සාකච්ඡාවේ දී මේ බව සදහන් කර ඇත.
 
මේ අනුව කුච්චවේලි සංචාරක කලාපය සංවර්ධන කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.36 ක ප්‍රදානයක්ද , මාතලේ ඇටන්වල ප්‍රජා සත්කාරක සංචාරක ගම්මානය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක ප්‍රදානයක්ද , කොරියානු රජය විසින් ලබා දීමට නියමිත යැයි එම අමාත්‍යාංශය පවසයි.
 
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග රට තුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයන් සමග කොරියානු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් රැසක් මෙරටට ආයෝජනයට කැමැත්තේන් සිටින බවත් කොරියානු තානාපතිවරයා සංචාරක හා ගුවන් සේවා ඇමතිවරයාට මෙහිදි දැනුම් දුන්නේය.
 
පාස්කු ප්‍රහාරයත් සමග කොරියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ ද රටේ පවතින වත්මන් තත්ත්වය තුළ නැවතත් කොරියානු සංචාරකයන් මෙරටට පැමිණීමට කැමැත්තක් දක්වන බව ද තානාපතිවරයා එහිදී අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
 
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කොරියා තානාපතිවරයා වෙත දන්වා සිටියේ නව රජය කොරියාව සමග ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ,  කොරියානු ආයෝජන සදහා වැඩි ඉඩක් ලබා දීමට රජය කැමැත්තෙන් සිටින බවය.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මූල්‍යම ප්‍රදානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 213 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 308 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site