(රංජන් කස්තුරි)

රටපුරා රජයේ රෝහල්වල බ්‍රහස්පතින්දා (22) වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම වැඩවර්ජනය අනිද්දා පෙරවරු 8 සිට පසුදා සිකුරාදා පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කෙරෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

බාල ඖෂධ හා රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම්  ලබාදීම උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාව හදාරා නැති අයට වෛද්‍ය පත්වීම් ලබාදීම සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරිම යන කරුණු මුල්කර ගනිමින් එම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා කීය.