IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුහුදු රළට හසුවී ‍දැරියක් මරුට

(ඔගස්ටින් ප්‍රනාන්දු)    
හලාවත මුහුදු වෙරළෙහි රළ පාගමින් විනෝදවෙමින් සිටි මවක හා දරු තිදෙනෙකු මුහුදට ගසා ගෙන ගියත් ඉන් දරු දෙදෙනෙකු හා මවගේ ජීවිතය බේරා ගත හැකිවූ අතර ඔවුන් අතර සිටි සිඟිති දැරියක් මුහුදෙහි ගිලි මිය ගිය බව හලාවත පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මහනුවර දංතුරේ ප්‍රදේශ‍යේ විසු ඖෂධි සෞම්‍යා  නෙත්සරා (අවුරුද්දක් සහ මාස 2ක් වයසැති) දියණියකි.

මියගිය දියණිය සහ මාපියන් හා තවත් පිරිසක් සමග අද (13) අළුයමින් වෑන් රථයකින් හලාවත මුන්නේශ්වරම් පුද බිම වෙත පැමිණ ඇතිබව කියයි.

පසුව ඔවුන් හලාවත මුහුදු වෙරළ කරා පෙරවරු 11 ට පමණ ඇති බවත්, මිය ගිය දරුවාගේ මව හා තවත් දරු දෙදෙනෙකු වෙරළේ රළ පාගමින් සිටිනා විට යෝධ මාරියාවක් පැමිණ මෙම සිව්දෙනාව මහ මුහුද කරා ඇදගෙන ගොස් ඇති බවත් එම අවස්ථාවේ එම ස්ථානයෙහි සිටි වැල්ල ගම්මානයේ ධීවර තරුණයටන් පිරිසක් වහා මුහුදට පැන මව හා දරු දෙදෙනෙකු ගේ දිවි ගලවා ගෙන ඇතත් මිය ගිය දරුවා බේරා ගැනීම පමාවී ඇති බවත් කියයි.

පසුව එම දරුවාද ගොඩගෙන ඇතත් ඒ වනවිට දරුවාගේ තත්ත්වය අසාධ්‍යව  පැවැති අතර පසුව  ගිලන් රියකින් සිව් දෙනාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

මව හා දරු දෙදෙනාගේ තත්වය අසාධ්‍ය නොවන අතර බිළිඳා මියගොස් ඇති බව කියයි.

හලාවත පොලිසිය පරික්ෂණ සිදුකරයි. 



අදහස් (9)

මුහුදු රළට හසුවී ‍දැරියක් මරුට

d.upul Saturday, 13 July 2019 07:44 AM

"උදම් රළ නුඹ උදම් විය යුතු නෑ" - අමරසිරි පීරිස්

:       0       71

isurandi Saturday, 13 July 2019 07:50 AM

අයියෝ අවාසනාවන්ත සිදුවීමක්. නොදන්නා ස්ථානවලට දිය පාගන්න යාමෙන් වළකින්න ඕනේ නේද මේ උදවිය?

:       0       146

Raveendra Saturday, 13 July 2019 08:50 AM

අනේ හරිම කණගාටුදායක සිදුවීමක්. රත්තරන් දු පැටියාට නිවන්සුව අත්වේවා !!!

:       0       181

තුෂා Saturday, 13 July 2019 10:31 AM

ජන මාධ්‍යවලින් මොනතරම් දැනුවත් කළත්, හැදෙන ජාතියක් නොවෙයි අපේ අය නම්... පත්තර වලින්, රූපවාහිනී නාලිකා වලින් මොනතරම් මේ වාගේ දේවල් දකින්න ලැබෙනවද? එයින් පාඩමක් ඉගෙනගෙන තියෙනවාද? පව් අසරණ නොදරුවන්...

:       0       181

sa.path Saturday, 13 July 2019 12:07 PM

හය හතර නොදත් පුංචි අය අරන් නොදන්න තැන්වල යන මහ මිනිසුන්ට මොනවා වුණත් කමක් නැහැ.ඒත් අපරාදේ මේ දරුවා..

:       0       18

ගිහාන් Saturday, 13 July 2019 12:22 PM

ඔය මරණයට හලාවත නගර සභාව වගකිව යුතුයි. හලාවත මුහුදු වෙරළ මර උගුලක් බව ඔය පැත්තේ හැමෝම දන්නවා. වෙරල දිගටම තියෙන්නේ ගල් පරයක්... ඒකේ පාසි බැඳිලා තියෙනවා. රැල්ල ගොඩට ගහලා ආපහු යනකොට නිකන්ම කකුල් ලිස්සලා යනවා. ගල් පරයෙන් පස්සේ තියෙන්නේ ගැඹුරු මුහුද... පීනන්න බැරි අය ගිලිලා මැරෙනවා. නමුත් පිටින් එන අය ඒක දන්නේ නෑ. කිසිම අනතුරු ඇඟවීමේ පුවරුවක්වත් සවි කරලා නෑ. ඔය ඔතන වෙච්ච පලවෙනි මරණය නෙමෙයි.

:       0       166

athulaSaturday, 13 July 2019 12:59 PM

මේ කතාව ඇත්ත. විශේෂයෙන්ම පිට පළාත්වලින් පැමිණෙන අයගේ දැනගැනීම සඳහා අනතුරු ඇඟවීමේ දැන්වීම් පුවරු සවි කළ යුතුයි.

:       0       169

සනත් වීරකෝන් Saturday, 13 July 2019 06:53 PM

මුහුද පාගන්න යනකොට ජීවිතාරක්ෂක කබායක් පැළඳීම අනිවාර්ය කරන නීතියක් ගෙනෙන්නේ නම් මෙවන් කණගාටුදායක මරණ අවම කලහැකියි.

:       0       2

chinthaka Monday, 15 July 2019 09:52 PM

චූටි දුවට නිවන් සැප ලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 167 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 338 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1497 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 230 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 436 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 385 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site