




(රොමේෂ් මධුෂංඛ)
එළඹෙන මැයි 20 වැනි දා මුලතිව්හි ඓතිහාසික වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් මුහුදු ජලයෙන් පහන් දැල්වීම උදෙසා මුහුදු ජලය ලබාගන්නා තීර්තම් දේව පූජාව මුල්ලියාවලෙයි මුහුදු තීරයේ දී අද(15) සිදු විය.
වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල ආසන්නයේ පිහිටි මුහුදු තීරයේදී විශේෂ දේව පූජාවක් සිදු කර මුහුදේ කිමිදී ලබා ගන්නා ලුණු සහිත මුහුදු ජලයෙන් දින 7ක් පුරාවට වට්ටාපලෙයි කෝවිලේ ප්‍රධාන පහන දැල්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.
සෑම වසරකම වට්ටාපලෙයි කෝවිලේ මංගල්‍යය වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙවර ද කෝවිලේ දේව පූජාවන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යුද හමුදාවෙන් හා පොලීසියෙන් සහය ඉල්ලා ඇති බවද කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එල් ටී ටී සැමරුමක් නෙවෙයි නේද?
දැන් උතුරේ සාමය පවතින අතර, සුළුපිරිසක් නිසා දකුණේ භීෂණය...