(හසිත රංග ගුණතිලක)
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය සහ අනුබලය දුන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි යන මහත්වරුන් දැනට දරන සියලුම තනතුරු වලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික සංඝ සම්මේලනය අද (22) භාර දුන්නේය.
භික්ෂූන් වහන්සේලා පිරිස අද කොළඹ නිදහස් චතුරස්‍රයට රැස්වී අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් අධිෂ්ඨාන සත්‍යක්‍රියාවකද නිරත වූහ.
සත්‍යක්‍රියාවෙන් පසුව භික්ෂූන් වහන්සේලා පිරිස ජනාධිපතිවරයාට සංදේශය භාර දීම සඳහා නිදහස් චතුරස්‍රයේ සිට වාහන කිහිපයකින් කොළඹ ගාලුමුවදොර පිටිය අසළට වැඩම කළහ.
පසුව භික්ෂූන් වහන්සේලා පිරිස කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට මාර්ගය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් වැඩම කළහ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බදුයුදීන් - හිස්බුල්ලා - සාලි ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිට සංඝ සංදේශයක්
janahith Wednesday, 22 May 2019 03:58 PM
අපේ හාමුදුරුවනේ සමා වුව මැනවි.... අහනවට ඔය කියන අය මොකුත් වැරද්දක් කරලා තියනවද? ආණ්ඩුවෙන් නම් කියන්නේ එහෙම වැරද්දක් කරලා නැහැ කියලනේ.
දර්ශනThursday, 23 May 2019 01:31 AM
ඒ අය වැරැද්දක් කරලා තිබුනත් ආණ්ඩුව ඒවා පෙනෙන්නේ නැති විදියට ඉන්නවා .....
ranjith Wednesday, 22 May 2019 10:02 PM
බල ලෝභීකමට රට පවා නොදෙන නායකයෝ තෝරාගනිමු ඉදිරියේදී....
sisil Thursday, 23 May 2019 03:56 AM
එය නිවැරැදි තීරණයක් විය හැකියි. නමුත් නිවැරැදි විමර්ශණයකින් පසුව සිදුවිය යුතුය.
Sanka Thursday, 23 May 2019 03:57 AM
ඉතාම කාලෝචිතයි හාමුදුරුවනේ... මොකද මේ දේශපාලුවන්ට නොතේරුණාට බදියුදීන් - හිස්බුල්ලා - සාලි තුන්දෙනාම මුස්ලිම් අන්තවාදී සංවිධානවලට කෙලින්ම සම්බන්ධ බවට සහ මේ තිදෙනා සමග බෝම්බකරුවන් පෙනීසිටින ඡායාරුප තොගගණන් අපි ඊයේ පෙරේදා ඕනෑතරම් දැක්කා. හරිනම් මේ තිදෙනාම සිරගත කළ යුතුමයි. මොකද 300 ගාණක් අහිංසක මිනිස්සු මැරිලා තව 300කට වැඩිය දරුණු තුවාල වෙලා.. මෙහෙමත් රටක්...
shiromi Thursday, 23 May 2019 04:27 AM
ස්වාමීන් වහන්සේලා රට, ජාතිය, ආගම වෙනුවෙන් හඬක් නැගුවත් වැරදී නැතත් වැරදී අපේ මිනිස්සුන්ට.... ත්‍රස්තවාදීන්ව පෝෂණය කරන අන්තවාදීන්ට එරෙහිව අවිහිංසාවාදීව කරන සටනට මගේ නමස්කාරය..!
දිමුත් Thursday, 23 May 2019 05:19 AM
බලමුකො ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා
C.K.Lankaputhra Thursday, 23 May 2019 07:43 AM
හිස්බුල්ලා සහ සාලි ඉවත් කරන්න පුලුවන්. ඒවා ජනාධිපති කරන ලද පත්වීම්. බදියුර්දීන් ඉවත් කරන්න ජනාධිපතිවරයාට බැහැ. හාමුදුරුවනේ, රටේ නීතියක් කියලා එකක් තියනවා...
wimale Thursday, 23 May 2019 08:11 AM
5 පාරක් ගහන්න යනවා කියලත් උඩබලන් ඉඳල රට පැනපු හාදයට මොකද කරන්නේ හාංදුරුවනේ ???