IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නව ධීවර යාත‍්‍රා මිලදී ගැනීමේදී රජයෙන් සහනයක්

(නිමල කොඩිතුවක්කු)

ධීවර කටයුතුවලදී අනතුරට පත්වන ධීවර යාත‍්‍රාව වෙනුවට නව යාත‍්‍රාවක් මිලදී ගැනීමට වැය වන මුදලින් 50% ක මුදලක් සහනාධාරයක් ලෙස ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.

අඩි 55 ක ධීවර යාත‍්‍රාවක් මිලදී ගැනීම සඳහා ලබාදෙන 50% සහනාධාරයට අමතරව  මෙම සහනාධාරය ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවර පවුල් වෙනුවෙන් සහන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද (22) පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.

ධීවර පවුල් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවත් සඳහන් කළ ඒ මහතා ඉදිරියේදී ධීවරයන්ට සහන සැලසීමට විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන  බවද එහිදී පැවැසීය.

මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

නව ධීවර යාත‍්‍රා මිලදී ගැනීමේදී රජයෙන් සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site