(ඉන්දිකා රාමනායක)
විවිධ හේතූන් මත 2019.09.30 දිනට පෙර නීත්‍යානුකූල නොවන අයුරින් ත්‍රිවිධ හමුදා හැරගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට නැවත හමුදාවට භාර වීම සඳහා දින හතක පොදු සමාවක් ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පතකළ බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
පෙබරවාරි මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා මෙම පොදුසමා කාලය ප්‍රකාශයට පත් කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙකී කාලය තුළ නැවතත් භාර වී නීත්‍යානුකූල හමුදා සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවය කිරීමට අවස්ථාව හිමි වන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.