IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුවන් තොටුපොළ අසලින් බෝම්බයක් සොයාගනී

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් අද (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය .

අද රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර පසුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි .

ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම මුර සංචාරක භට පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී අඩි 06 ක් පමණ දිග  පී.වී.සී.බටයක් තුළ අටවා සකස් කර තිබූ බෝම්බයක් අනාවරණය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .

පසුව ගුවන් තොටුපළ ඉදිරිපිට මාර්ගය වසා දමා මෙම බෝම්බය රාත්‍රී 11.10 ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කරනු ලැබීණ.

මෙම අවස්ථාව වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීය සංචාරය නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ආසන්නව තිබුණි .



අදහස් (6)

ගුවන් තොටුපොළ අසලින් බෝම්බයක් සොයාගනී

Isuru Sunday, 21 April 2019 07:30 PM

මේක තමයි සංහිඳියාව දෝරේ ගලනවා කියන්නේ..

:       95       75

[email protected] Sunday, 21 April 2019 08:05 PM

මේවා එක්තරා රටක සිදුවූ දේට එකට එක කිරීමක්දෝ කියලත් හිතෙනවා. කොහොම නමුත් ලත් තැන ලොප් කළ යුතුමයි.

:       0       161

Chaminda Sunday, 21 April 2019 11:45 PM

ඔය කාලකන්නියත් එක්කම ඔක පුපුරන්න තිබ්බේ... කරපු හෙන ගහන වැඩේට...

:       0       223

ගල්කටස් Monday, 22 April 2019 02:53 AM

පොලිසිය ඉදිරිපිට බෑගයක් තියලා යනකම් දන්නෙ නැහැ අඩි හයක් දිග බටයක් තියලා යනකම් මොකද කලේ? මෙයාලා හිටියා නම් එල්.ටි.ටි.ඊ කාලෙ සිදුවෙන්නෙ මොකක්ද? ජාතික ආරක්ෂාවට මොකද වුනේ ..?

:       109       150

nilmini chandra rajapaksha Monday, 22 April 2019 05:41 AM

මීට වඩා රටක යුද්ධයක් නැති වුණත් ආරක්ෂක අංශයට එක එක වැඩවල යොදවන්නේ නැතිව රටේ ආරක්ෂාව සඳහා පමණක් යෙදවිය යුතුයි. නැවත මේ රටේ නැතිවුණු පරික්ෂා කිරිම්, විමසිලිමත් බව, වටිනා ස්ථානවල ආරක්ෂාව තරකිරීම... ප්‍රධාන මාර්ගවල පරීක්ෂා කිරිම් සිදුකළ යුතුයි. ප්‍රභූඅයට දෙන ආරක්ෂාවට වඩා මේ රටේ පොදු දේ ගැන සිතිය යුතුයි.

:       0       19

Rizmy Monday, 22 April 2019 06:17 AM

360° ආවරණය කරන සීසීටීවී කැමරා තිබිලත් හැමතැනම ආරක්ෂක භටයෝ ඉඳලත් අඩි 6 ක් දිග එස්ලෝන් බටයක් දාල යනව දැක්කෙ නැති එක පුදුමයි

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 30 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 153 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 464 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 365 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 278 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 698 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site