IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කන්තලේ දේශපාලන හයිකාරකම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

බිඟුන් මේනක ගමගේ 


කන්තලේ බස් රථ අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් කුමාර මාධ්‍යවේදියාට තම රාජකාරිය ඉටු කිරීමට ඉඩ නොදී කළ තර්ජනය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය දේශපාලනඥවරියක හා ඇගේ පුත්‍රයා විසින් මෙසේ මාධ්‍යවේදියාට තර්ජනය කරනු ලැබ ඇතැයි ද එම බාධාකිරීම් සඳහා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු පවා යොදාගෙන ඇතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.

මහජනතාවට සත්‍ය වාර්තා කිරීමට වගකීමෙන් බැඳී සිටින මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීමෙන් නොනැවතී පොලිස් නිලධාරින්ට පවා රාජකාරි කිරීමට ඉඩ නොදීම බරපතල අනතුරක් යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

ඒ අනුව මාධ්‍යවේදීන්ට හිංසනයෙන් තොරව සිය රාජකාරි කිරීම සඳහා අවස්ථාව සැකැසීමට බලධාරින් කටයුතු කළ යුතු යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (0)

කන්තලේ දේශපාලන හයිකාරකම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site