
(උපුල් තම්මිට)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ හිඹුටුගොල්ලෑව විදුහලේ සිසුන්ට ඉගෙනුමට අවශ්‍ය මූලික භෞතික පහසුකම් සැලසීමට අධ්‍යාපන බලධාරීන් අපොහොසත්ව ඇතැයි දරුවන්ගේ මව්පියවරු පවසති.
මෙම පාසලේ පන්ති 11ක් පවතින බවද, පන්ති 4ක සිසුන් තාවකාලිකව ඉදි කළ පොල් අතු සහ උලු සෙවිලි කළ මඩුවල ඉගෙනුම ලබන බවද ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් පාසැල් දරුවන්ගේ ආරක්ෂාවටද තර්ජන එල්ලවී ඇතැයි මව්පියවරු පවසති.
ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ හොඳම පාසල ලෙස කීර්තියක් දිනා සිටින පාසලක් වුවද සිසුන්ට ඉගෙනුම් ක්‍රියාවලියට සාර්ථකව දායකවිය නොහැකි තත්වයක් පවතින බවද ඔවුහු කියති.
පාසලට අවශ්‍ය භෞතික පහසුකම් සැලසීමට රේඛීය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන නොමැති බව පවසන ඔවුහු මීට ඉක්මන් විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පතෝල මුදලාලි මේක දැක්කද මන්ද ?? පොළොන්නරුවට යන්න ඕනේ යාපනේ පැත්තේ ඉදල තියන පාරෙන් විතරයි නේ ඇත්තටම වෙන පාරක් නැහැනේ එනිසා ලගම පාසැල හොදම පාසල පොළොන්නරුවේ සහ කුරුනෑගල විතරක්ද මන්ද තියෙන්න.
ටැබ් ටිකත් ඉක්මනට එවාවි. අනේ මෙහෙමත් දේසපාලුවෝ ඉන්න රටක් තවත් ඇද්ද? අනේ මේ දරුවෝ ගැන හරිම දුකයි. එත් ඉතින් අපි මොනවා කරන්නද? අපිත් අසරණයි.
ටැබ් ටික ලැබුනා ලාබෙට මට කොමිස් සමග.දෙන්නට ආ විට පාසල හොයාගෙන දැක්කේ මඩුවකි.කොමිස් ගණන් බලමින් එනවිට දුටුදේ පුදුමයකි. පාර වැරදුනාද මන්දා පොල්අතු මඩු ටික දුටුවිටදී...........
අනේ දුප්පත් ළමයි. අකිල විරාජ්ගේ සෝබන වැඩනම් තියනවා. කොයි අවදානය කරනවා මේ වගේ ඉස්කෝලවලට '
කෝ මේ අකිල ගොයියා?
අකිලගේ විතරක් නොවෙයි ඔය පැත්තේ ඉන්න ප්‍රසිද්ධ හිටපු ඇමති ගෙඩිය පිටින් සබීතගේ බිල්ඩිමට සල්ලි දෙද්දී තමන්ගේ මන්ත්‍රී ප්‍රතිපාදන කොටසකින් හෝ ඕවා කරන්න බැරිද?
ඒ ළමයින්ට එහෙම වුනාට රටේ නායකයන්ගේ පුත්තු නම් දවස් ගණන් මගුල් කනවා.
මම මේ අඩු පාඩුව සාදා නිම කරදීමට කැමතියි. ඒවගේම එම විදුහලපතිනිය හමුවී වැඩ කටයුතු ගැන කතා කිරීමට ඔක්තෝම්බර් 21 දින බලාපොරොත්තු වෙමි. තව කවුරුන් හෝ කැමති අය වේ නම් මා හා සම්බන්ධ විය හැකිය.
හද්ද පිටිසර ගම්මානවල කිසිම පහසුකමක් නැතුව තවත් මෙවැනි දුෂ්කර පාසල් කොතෙක්නම් ඇද්ද? හැම අස්සක් මුල්ලකම රාජ්‍ය සේවකයෝ, දේශපාලකයෝ වැහි වැහලා. නමුත් එයාලට මේවා නොපෙනෙන එකනේ පුදුමේ. දැන් ඉතින් අනිවාර්යයෙන්ම ටකරන් ටිකක් පෙන්නලා ඡන්දේ කඩාගන්න පොරකයි.
ලංකාවේ කොහේ හෝ පළාතක පන්තිකාමර නැති හෝ ගුරුවරු නැති හෝ පාසැලක් හොයාගෙන මෙවැනි පොටෝ එකක් දාන එක ලොකු වැඩක් නොවේ. නමුත් එවැනි බොහෝ පාසැල්, මෙයත් ඇතුළුව පළාත් සභා යටතේ පවතින ඒවා මිස සෘජුව අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබෙන ඒවා නොවේ. මේ පාසලේත් පන්ති කිහිපයක් පොල් අතු මඩු ලෙස තිබෙන නිසා අනෙකුත් පන්ති කාමර ගැන වාර්තා කරලා නෑ. නමුත් ලංකාවේ කොහේ හෝ පාසැලක පන්ති කාමර නෑ, ගුරුවරු නෑ ඒ හින්දා කොළඹ පාසැලක පිහිනුම් තටාක හදන්න එපා, ටැබ් දෙන්න එපා කියනවා නම් ඒක හරියට හිනා වෙන්න සියලුම ප්‍රශ්න ඉවර වෙනකන් ඉන්නවා වගේ දෙයක්. ඒ තර්කය මත ඉන්නා අය කරුණාකරලා අධිවේගී මාර්ග ඉල්ලන්න එපා රටේ හැම පාරම කාපට් කරන කම්, ඈත ගම්මානවලට බස් දාලා ඉවර වෙනකම් කාර් ගන්න කතා කරන්න එපා, දුෂ්කර ගමක සියලු යටිතල පහසුකම් සපුරාලන තෙක් කොළඹ ලස්සන කරන්න ඉල්ලන්න එපා, සේරටම වඩා රටේ සියලුම මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙනකම් තමන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා ඉල්ලනත් එපා.
නිස්සංක මහතා හරි. ඊට අමතරව මාසයකට රුපියල් ලක්ෂ ගණනින් පඩි ගන්න පළාත් සභාවේ ඉන්න පරිපාලන සේවයේ අදක්ෂ,දූෂිත නිළධාරීනුත් මේ තත්වයට වගකිව යුතුයි.මේ පරිපාලන සේවය ලංකාවේ තියෙන තෙක් මේ රට දියුණු කළ නොහැක.ඔය පරිපාලන සේවයේ මිනිස්සු දන්නා එකම දේ දේශපාලකයන්ට ඔව් සර් කියන්න විතරයි.
මේවා ප්‍රාදේශීය මන්ත්‍රී වරුන්ගේ වැරදි .
සමන් ඔස්ට්‍රේලිය රනිල් කිව්වේ මේ රජය තරම් අධ්‍යාපනයට වියදම් කරපු රජයක් නැහැ කියලා
ඕකට තමා කියන්නේ කොළඹට කිරි.... ගමට කැකිරි..... කියලා.
මේ 2015 පස්සේ ආරම්භ කරපු පාසලක් ද ? නිකමට වගේ ඇහුවේ
ඔව්ව අමතක කරලා මෙව්වා බලන්න." නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල" - දල ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 3080 යි. මේ සඳහා චීනයෙන් ලබාගත් නය ප්‍රමාණය රුපියල් මිලියන 2430 යි. ඉතිරිය ලංකාවේ මිනිසුන්ගේ බදු මුදල් වලින් ලැබෙන අදායමෙන් සපයන ලදී. -- ඔය පාසලේ ළමයිනුත් එක්කල යන්න අද්‍යාපන චාරිකාවක් නෙලුම් පොකුණ බලන්න.
අන්න පොලිස් ප්‍රකාශක කියනවා ජනපතිවරණයේ ප්‍රදර්ශනය කෙරෙන බැනර් පෝස්ටර් ගලවන්න මිලියන 48 ක් වෙන්කරලාලු තිබෙන්නේ . අනේ මිනිසුනේ ඔබලාට මොනවද හිතෙන්නේ ?
ඖෂ්ට්‍රලියාවේ පර්ත් නුවර රිද්ම පදනම කියල සන්විදනයකින් ලංකාවේ දුප්පත් පාසල්වලට උදව් කරනවා විදෙස්ගතුනු ලාංකිකයන් තමන් ගත නිදහස් අද්යපනයට කරන ප්‍රති උපකාරයක් වසයෙන් . කරුණාකර මෙම පාසලේ විදුහල්පතිතුමාගේ දුරකථන අංකය එවන්න . මේ විදුහලට ස්ථිර ගොඩනෙගිල්ලක් දෙන්න සලකා බලන්න පුළුවන්.
ජනාධිපති මැතිවරණය ලඟයි. පොරොන්දු වැහි පටන්ගනිවී. හොරුන්ට චන්දෙ දෙන එක නවත්තන්න ඕන. ඉස්කෝල හදන තුරු ගමට ගන්න එපා. උන් කොළඹට වෙලා ජොලි කරපුදෙන්.රිදෙන ගැමියෝ දේශපාලන හොරුන්ගේ පස්සෙන් හන්නේ නැතිව වෙන මාර්ග හොයන්න ඕන දූෂණ නැති පාලන තන්ත්‍රයක් ඉදිරියට ගන්න.
අර ... "අකමැති " කියලා එක්කෙනෙක් පන යනකල් පුරාජේරු කිව්වා එයාගේ අධ්‍යාපන ඇමති "දවසේ පැය 24න් 25ක් ම යොදවන්නේ අධ්‍යාපන වැඩ වලට , පක්ෂේ වැඩ වලට පැය 6 යි වෙන් කරන්නේ " කියලා (අධ්‍යාපන ඇමති ඉන්නේ වෙන ග්‍රහලොවක වියයුතුයි . මොකද පෘතුවියේ දවසක් කියන්නේ පැය 24යි නේ මේ මනුස්සයට පැය 31ක් තියෙනවනේ ) මන් අහන්නේ ... එහෙම වෙලාත් මෙහෙම ඉස්කෝල තියෙන්නේ කොහොමද ?? එතකොට පැය 25ක් තිස්සේ අධ්‍යාපනේ කියාගෙන මේ මනුස්සයා කරන්න අහවල් දෙයක් ද ?? (අපි කන්නේ බත් ද පුන්නකු ද ...)
දරුවනේ පසු නොබසින්න.ඡන්ද ප්‍රමාණය අනුව දුප්පත් ඔබට වඩා නගරයේ දරුවන්ට සලකන බව පේනවා. ජනතාවාදී රජයක් අවොත් ඔබට පිළිසරණ නමුත් අතු සෙවිලි කළ මේ ශාලාවේ ඉගෙන ගන්න තරම් ඔබලා වාසනාවන්තය. මෙහි ඇති පරිසරය සුව පහසුව ඇස්බැස්ටෝස් සෙවිලි කළ නගරයේ ගොඩනැගිල්ලේ නැහැ.
සුව පහසු ගොඩනැගිල්ලක් මේක ඇතුලෙම අටැච් බාත්රුම් එකකුත් එකතු කලා නම් අංගසම්පුර්ණ වෙනවා
ඉන්න හිතෙන රටක්...!
මෙම විදුහලට එක් ගොඩනැගිල්ලක් ලබාදීමට ලංවිම පුහුණු මධයස්ථානයේ සුභ සාධක සංගමය ඉදිරිපත් වී ඇත. කැමති අය වේ නම් ඒ හා සම්බන්ධ විය හැක.
වහලේ පොල්අතු වුණාට ටැබ් සමග වයිෆයි ලැබෙනවානේ.