IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


රුපියල ඉහළ යයි

(හර්ෂණ තුෂාර සිල්වා)

මේ වසරේ ගෙවී ගිය කාලයේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය  4.6%කින් ඉහළ ගොස් ඇත. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ ස්ටලිං පවුම්, ජපානයේ යෙන් සහ ඉන්දීය රුපියල යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
 
ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල්වීම සහ විශේෂයෙන්ම ඇමෙරිකාව ඇතුළු දියුණු ආර්ථික සිය මුදල් ප්‍රතිපත්ති මුහුණුවර වෙනස් කිරීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ලැබෙන විදෙස් ආයෝජන ගලාඒම් ද ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. 
 
එම වර්ධන තත්ත්ව සහ අපනයනකරුවන් ඔවුන්ගේ ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සහ උත්සව සමයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම් ඉහළ යෑම යන කරුණු හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සහ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇත. 
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (16) නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.45ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.61ක් ලෙසත් දැක්විණි.  



අදහස් (8)

රුපියල ඉහළ යයි

athura Tuesday, 16 April 2019 08:13 AM

මම දැක්ක මහින්ද මහත්තයාගේ ගෙදරදී හිටපු මහබැංකු අධිපති කෙනෙක් කියනවා රුපියල කඩා වැටිලා කියල.

:       154       260

kap Tuesday, 16 April 2019 08:22 AM

රුපියල ඉහළ යයි . බන්දුල පහළ යයි

:       24       224

deva Tuesday, 16 April 2019 09:35 AM

දැන් අර හොර නඩේ මොනවා කියයිද දන්නෑ..........

:       425       1032

Jerami Tuesday, 16 April 2019 10:11 AM

රටක ආර්ථික කළමනාකරණය හරියට කරනකොට ඕක තමයි වෙන්න ඕන. අමරුවෙන් හරි මේ රජය ගෙන යන වැඩ පිළිවෙල හරි කියලයි මට හිතෙන්නේ. අනාගතයට තව හොඳ වෙයි.

:       659       1097

nandana Tuesday, 16 April 2019 10:26 AM

මට හිතෙන්නේ මීට ප්‍රධාන හේතුව නම් අපේ විදේශගත ශ්‍රමකයින් අවරුදු සමයේදී ලංකාවේ වෙසෙන තම පවුල් වල උදවියට විශාල වශයෙන් මුදල් එවීමයි.

:       10       517

taniya Tuesday, 16 April 2019 12:38 PM

රුපියල ඉහල ගිල්ල නෙමෙයි ඩොලරය පහත වැටිලා

:       229       441

kumara Tuesday, 16 April 2019 01:06 PM

මොකද ඔහොම වෙන්නේ මේ දවස් වල විදේශ මුදල් හුවමාරුව අඩුය. දැන් බඩු ගෙන්වීම් නැහැ නිවාඩු කාලේ නිසා.. තව සතියකින් විතර බලන්න වෙන දේ...

:       117       427

sameera Tuesday, 16 April 2019 04:03 PM

මේකේ අදහස් දාන අයගේ හිතේ තියෙන්නේ "අනේ රුපියල පහල වැටෙන්න " කියල ආණ්ඩුවට බනින්න. බන්දුලගේ ප්‍රාර්ථනාව ඒකම තමයි. රුපියල පහල යනකොට කිඹුල් කඳුළු හෙලන එක්කෙනෙක්වත් රටට ආදරයට කෑ ගහනවා නෙවෙයි, අවස්ථාවාදී දේශපාලනයට බොර දියේ මාළු බානවා.

:       53       421

ඔබේ අදහස් එවන්න

දියත

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 163 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 434 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 722 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 939 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1533 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1222 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site