IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


භික්ෂූන් වහන්සේලා රක්ෂණය 26 වැනිදා අරලියගහ මන්දිරයේදී

(නිමල කොඩිතුවක්කු)

භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා සවස 3.00 ට කොළඹ අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ.

දිවයින පුරා වැඩවෙසෙන සියලුම භික්ෂූන් රක්ෂණය කිරීම මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරෙන බව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඤාණාලෝක හිමියෝ පැවැසූහ.

ලබන 26 වැනිදා සංකේතාත්මකව භික්ෂූන් වහන්සේලා 2000 ක් සඳහා රක්ෂනාවරණ පිරිනමන බවත් පැවසූ උන්වහන්සේ ඉන්පසු දිස්ත‍්‍රික් සහ පළාත් මට්ටමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවත් පැවැසූහ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බුද්ධශාසන අමාත්‍යාංශය විසින් මෙම කටයුතු සිදුකරනු ලබයි.



අදහස් (15)

භික්ෂූන් වහන්සේලා රක්ෂණය 26 වැනිදා අරලියගහ මන්දිරයේදී

Janahitha Wednesday, 12 June 2019 04:28 PM

හාමුදුරුවනේ, මේක ඇමක් බව අමතක කරන්න එපා.

:       31       903

saliya Thursday, 13 June 2019 05:42 AM

හාමුදුරුවන්ව පන වගේ රැක ගන්න ජනතාව සිටින බව මේ අයට අමතක වෙලා.

:       0       3

ravi Wednesday, 12 June 2019 04:53 PM

එතකොට අනිත් ආගම්වල පුජකවරුන් ? ඒ අයවත් රක්ෂණය කල යුතුයි නේද ..?

:       222       295

Laksitha paris Wednesday, 12 June 2019 05:47 PM

මමත් බුද්ධාගම අදහන කෙනෙක්.. මම හිටන්නේ නැහැ මෙහෙම දෙයක් ඕනේ නැහැ. පැවිදි වෙන්නේ සියල්ල අතහැර. විගඩම්... දේසපාලන විගඩම්.

:       4       318

Chanak los angelesWednesday, 12 June 2019 08:29 PM

ඒක සම්පුර්ණ සත්‍යක්‌. ඊට වඩා කියන්න දෙයක් නොමැත.

:       0       0

NadhishThursday, 13 June 2019 04:22 AM

සියල්ල අත්හැර පැවිදි උනත් පුජ්‍ය පක්ෂය දුක්විදින්න උවමනාවක් නැනේ.

:       194       93

දිමුත්Friday, 14 June 2019 09:31 AM

හරියට හරි... ධර්මයම රක්ෂණය වේ.

:       0       0

de silva Wednesday, 12 June 2019 10:05 PM

ලක්ෂිත පිරිස් මහතාගේ අදහස මමත් අනුමත කරමි

:       0       0

nihal Thursday, 13 June 2019 04:38 AM

කපටි සුත්තර වැඩ

:       0       1

සේන Thursday, 13 June 2019 05:19 AM

සංඝරත්නයේ විතරක් නෙවෙයි ගිහි අපෙත් රක්ෂණය ආරියඅෂ්ඨාංග මාර්ගයයි

:       0       9

ruchi Thursday, 13 June 2019 05:35 AM

පැවිදි වෙන්නේ සියල්ල අත්හැරීමෙන්. මෙය තණ්හාවක් නොවේද? මෙය විහිළුවක්.

:       3       204

රාහුල හිමි Thursday, 13 June 2019 05:57 AM

අපි අවදියෙන්

:       0       0

sarath hettiarachchi Thursday, 13 June 2019 06:11 AM

ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන්ම ආරක්ෂා කරති. ධර්මයේ පිහිටන්නේ නැති අය ඉන්ෂුවරන්ස් කරන්න.

:       0       31

sunil milano Thursday, 13 June 2019 08:11 AM

හරිනම් රක්ෂණය කළ යුත්තේ මේ රටේ දුක්විදින අහිංසක ජනතාවයි..... හාමුදුරැවන් වහන්සේලා නොවෙයි... මේකනම් ලොකු උප්පරවැටිටියක්....

:       0       18

chutta Friday, 14 June 2019 12:28 AM

මේ රක්සනය නෙමිය් අල්ලස, චන්දෙට මේක ලෑස්ති වෙන්න. වෙඩි නොවදින වාහන දෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 326 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 187 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 257 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 755 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 264 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 244 3

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site