IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාස්කු ඉරිදා පිපිරීම් වලට 24 ක් අත්අඩංගුවේ

(ඉන්දිකා රාමනායක)

සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 13 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි. ආරක්ෂක සේවා බලධාරීන් අද (22) උදෑසන මෙමතොරතුරු හෙළිදරව් කර තිබේ.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකෙරිණ. බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් වරින් වර අත්අඩංගුවට ගන්නා ලද ගත් පුද්ගලයන් 24 දෙනකු කොළඹ අවට රඳවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් 8 න් අඩුතරමේ දෙකක් වත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව පොලිසිය කියයි.

සිදුවීම් සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවසක් ඇතුළත සිටි අය බෝම්බ පුපුරුවාගැනීම නිසා පොලිස් නිලධාරීහු තිදෙනෙක්ද ජීවිතක්ෂයට පත්වූහ.



අදහස් (14)

පාස්කු ඉරිදා පිපිරීම් වලට 24 ක් අත්අඩංගුවේ

sugath Monday, 22 April 2019 03:21 AM

ඔන්න වෙලාව එල්ලුම් ගහ පටන් ගන්න. ලංකාව ආපහු ලේ විලක් කල එක ත්‍රස්තවාදියෙක්ටවත් සමාවක් දිය යුතු නැහැ.

:       4       1120

Bamunuarachchi Monday, 22 April 2019 05:06 AM

මැරුණු ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට වන්දි ගෙවනවාද? නොගෙව්වොත් ප්‍රශ්නයක් අපට බදු වැඩිකර වන්දි ගෙවන්න.

:       457       710

roshan Monday, 22 April 2019 05:32 AM

බලාගෙන මානව හිමිකම් යන්න වෙයි.

:       0       261

athura Monday, 22 April 2019 05:38 AM

මේ බමුණු කියන කෙනාට පිස්සුද? හැටිද?

:       314       361

kuleMonday, 22 April 2019 06:19 AM

බමුණු කියන්නේ ඇත්ත මොකද ත්‍රස්තවාදීන්ට වන්දි නොගේවපු ආණ්ඩුවක්ද අද තියෙන්නේ........

:       132       318

neelMonday, 22 April 2019 06:20 AM

බමුණු කියන කෙනා කියන දේ හරි... එ්ක තේරෙන් නැති ඔයාලට පිස්සු. LTTE එකේ හිටපු අයට වන්දි ගෙවන්න පනතක් ගෙනාවා මතකද දැන් මාස 8-9 කට කලින්?

:       97       141

athuraMonday, 22 April 2019 07:50 AM

ඔය ඔබතුමාලා කියන පනත මොකක්ද කියල හොදට හොයල බලලද ඔය කතාකරන්නෙ.

:       43       12

Kavinda Monday, 22 April 2019 06:09 AM

මුන් මෙහෙ ඉන්න කොට මුන්ට උදව් කරපු අය හොයල උන්ටත් දඩුවම් උපරිමයෙන් දෙන්න ඕනි..

:       1       36

MOHAMED MAHROOF Monday, 22 April 2019 06:18 AM

අපේ සුරතල් නීතිවලින් ඈත් වෙන්න කාලය ඇවිත්

:       13       33

kule Monday, 22 April 2019 06:46 AM

නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය සිදුකලා යයි අපට අනුමාන කලහැක කතෝලික බැතිමතුන් විදේශිකයන් සහ කතෝලික ජනතාවගේ විශේෂ දිනයක්ද වෙන නිසා මේ ප්‍රහාරය දියත්කලේ ලෝකයේ කතෝලික බැතිමතුන් ජීවත්වෙන රටවලින් ජාතික ආරක්ෂාව අඩුම දුර්වලම රට ශ්‍රී ලංකාව යයි ඔවුන් තෝරා ගත්නිසා වීමට පුළුවන.....

:       2       152

lalith m Monday, 22 April 2019 06:47 AM

සියල්ලට හේතුව අපි ඉස්සර සිදු වුන දේවල් අමතක කරලා පිස්සු විදියට ජීවත් වෙන එක. අපි හැම දෙනාවම විස්වාස කරනවා වැඩි.

:       0       57

jayath Monday, 22 April 2019 06:48 AM

මට හිතෙන්නේ බමුණට විතරක් නෙමෙයි බමුණු , ඔබ හා මා ද ඇතුළු මේ රටේ කෝටි දෙකටම පිස්සු (225 කට හැර )

:       2       61

kumara Monday, 22 April 2019 08:01 AM

ආරක්ෂාවෙන් දුරුවල රටක් වන ලංකාව තෝරගත්තා ප්‍රහාරයක් දියත් කරන්න. අපි කොහොමද ආරක්ෂාවෙන් දුර්වලුනේ ලෝකයා ඉදිරියේ.................

:       4       9

සුමිත් Monday, 22 April 2019 10:01 AM

මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කර ලංකාවේ තමන්ගේ ජන්ද ගොඩ වැඩි කරගන්න දේශපාලුවෝ ඉදිරි ජනාධිපතිකමට අමුඩ ගසනවා. ජාතික ආරක්ෂාව ගැන නොව තමන්ගේ රැකවරණය ගැන විමසිලිමත්...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 24 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 2 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 191 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 470 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1018 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 194 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site